Something නොදන්නා දේ

පරිසර දූෂණය වන්නේ කෙසේද 

පරිසර දූෂණය සිදු වන අකාරය පිළිබදව විද්වත් මත රාශියක් පැවතුන ද ඉන් පිළිගත් ක්‍රමයක් වන්නේ 

  • ජල දූෂණය


  • ශිලා දූෂණය




  • වායු දූෂණය යන්නයි. මීට අමතරය වර්තමානයේ 




      • ආලෝක  දූෂණය
      • දෘශ්‍ය  දූෂණය ලෙස ද වර්ගකරණයක් සිදු වේ.

වාතය දුෂණය දෙවන ලෝක සංග්‍රාමය සමයේදී
යම්කිසි පරිසර පද්ධතියකට ගලා එන විෂ සහිත ද්‍රව්‍යය හේතුවෙන් ඒ තුළ ජීවත් වන ජීවීන්ට හෝ භෞතික දේවලට අස්ථායී බව , අපිළිවෙල, පීඩාව අපහසු බව ඇති කරයි නම් එය පරිසර දුෂණය ලෙස හඳුන්වාදිය හැක. පරිසර දූෂණය රසායනික ද්‍රව්‍ය හෝ ශබ්දය, තාපය, ආලෝකය යන ශක්ති ප්‍රභේද පරිසයට එක් වීමෙන් ද සිදු විය හැක. ස්වාභාවිකව ඇති විය හැකි එවන් දුෂණ කාරකවලින් සිදුවන විෂ හෝ වෙනත් බාධකවල ස්වාභාවික මට්ටම යම්කිසි මට්ටමකට වඩා වැඩි වුවහොත් පමණක් ඒවා දුෂක ලෙස ගැනේ. Point source & non point source pollution ලෙස කොටස් 2 කට කාණ්ඩ කළ හැකිය. තවත් විධියකට පද්ධතියක් තුළ අස්ථායී බව ඇති කරන හෝ ජීවීන්ගේ හෝ ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලීන්ගේ බිඳවැටීම්වලට හේතු වන යම්කිසි ද්‍රව්‍යයක් එම පරිසරයට හඳුන්වාදීම දුෂණය ලෙස හැඳින්විය හැක. ජලය වැනි පොදු සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ද්‍රව්‍යයක් වුවත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ලබාගත් විට දුෂණ කාරකයක් විය හැක. උදාහරණයක් ලෙස මිනිසෙකු ඉතා වැඩි ප්‍රමාණයක් ජලය පානය කළ හොත් කායික පද්ධති පීඩාවට ලක්වී ඒවායේ බිඳවැටීම් හේතුවෙන් මරණය ළඟා කරවීමට එය හේතු විය හැක. සිය දිවි නසාගැනීමට තැත් කිරීම‍‍ට, සහ ඒවා සාර්ථක කරගැනීමට ද හේතු කාරක වන ලෙස ජලය භාවිතා කළ අවස්ථා ඇත.
මෙම සංකල්පය වඩාත් පුළුල්ව භාවිතයෙන් අධික ශබ්දයට නිරාවරණය වීමෙන් හමුදා අභ්‍යාසවල යෙදෙන අයගේ අධික ශබ්දයට මානසික අසමතුලිතතා ඇති වීම යම්කිසි කාර්යයක නිසියාකාරව යෙදීමට නොහැකි වීම සහ මනෝ විකෘතිතාවයන් ඇතිවීම වටහා ගත හැක.

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

වායු දුෂණය සදහා හේතු වන වඩාත් ප්‍රමුඛතම සාධක අතුරින් එකක් ලෙස මෝටර් වාහන වලින් නිකුත් වන දුම හැඳින්විය හැකිය. චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, මෙක්සිකෝව සහ ජපානය යනු මෙලෙස වායු දුෂණය සිදු කරන ප්‍රධාන රටවල් කිහිපයකි. මෙලෙස කරන ලද වර්ගීකරණයට අනුව කැනඩාව මේ වර්ගීකරණයේ දෙවන ස්ථානය ගනී‍‍‍. ප්‍රධානතම නිශ්චල වායු දුෂක ප්‍රභවයන් වනුයේ රසායනික කම්හල්, ගල් අගුරු මගින් ක්‍රියාත්මක වන ගල් අඟුරු බලාගාරය ශක්ති පිරියත වල් තෙල් පිරිපහදු කම්හල්, තෙල් හා රසායනික පිරියත වල්, න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අපද්‍රව්‍ය දහනය කිරීම්, විශාල පරිමාණයේ සත්ව ගොවිපලවල්, PVC කර්මාන්ත ශාලා, ලෝහ නිෂ්පාදන රසායනාගාර, ප්ලාස්ටික් කර්මාන්තශාලා සහ වෙනත් කර්මාන්ත ශාලාවන්ය.
පස දුෂණය කරන වඩාත් සුලභ ක්‍රම දුෂකයන් වනුයේ ක්ලෝරිනි කරණය කරන ලද හයිඩ්‍රෝකාබන වර්ග, (CFH) බර ලෝහ (ක්‍රෝමියම්, කැඩ්මියම් - නැවත ආරෝපණය කල හැකි බැටරිවල අන්තර් ගත වේ, ඊයම් - තීන්ත ද්‍රව්‍ය වල අන්තර්ගත වේ, ඇතැම් රටවල ගුවන් යානා වල භාවිතා කරන ගැසෝලීන් වායුව), MTBE, සින්ක්, ආසනික් සහ බෙන්සීන් ය. සාමාන්‍ය පරිදි නගර සභා වලින් අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය යොදා භූමි ප්‍රදේශයන් ගොඩ කිරීම හේතුවෙන් බොහෝ රසායනික ද්‍රව්‍ය පසට එක් වේ. මීට අමතරව ඒවා අදාල ප්‍රදේශ වල ජලයටද එක්රැස්වේ. මීට අමතරව බහු ක්ලෝරනීකරණය කරන ලද ඩයිබෙන්සෝඩයොක්සීන් වර්ගද මෙලෙස පරිසරයට මුදාහරිනු ලැබේ. මේවා පොදුවේ ඩයොක්සීන් ලෙස ද සරලව ICDD ලෙස ද හැඳින්වේ.
ස්වාභාවික විපත්ති අතුරුඵලයක් ලෙස ද පරිසර දූෂණය සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස චණ්ඩ මාරුත අවස්ථාවන්හිදී මල අපද්‍රව්‍ය (sewage) යුතු වාහන, බෝට්ටු ආදිය කැඩී බිඳී යාමෙන් එකතු වන තෙල් වර්ග ජලයට එකතු වී ජල මූලාශ්‍ර දූෂණය කරනු ලබයි. වෙරළාසන්න ප්‍රදේශවල තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඇති කරන අවස්ථාවන්හිදී විශාල පරිමාණයෙන් සමුද්‍ර දුෂණයක් සිදුවේ. න්‍යෂ්ඨික බලාගාර හෝ තෙල් ටැංකි වැනි ස්ථානවල අනතුරු ඇති වන අවස්ථාවන්හිදී වඩාත් පුළුල්ව පැතිරී ගිය අනතුරුදායක අවස්ථා වන් වලට මුහුණ පෑමට සිදුවිය හැක.

ශබ්ද දුෂණය අතරින් ගත් කල මෝටර් වාහන වලින් නිකුත් කරන ශබ්දය වඩාත් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර එමගින් ලොව පුරා නිකුත් කරන අනවශ්‍ය ශබ්ද අතරින් 90% ක්ම ඇති කරනු ලබයි.


කඩොලාන වනාන්තර හා ලවණ වගුරුබිම් සීග‍්‍රයෙන් වනසද්දී බලධාරීන් නිහඬයි


    kadolaana 1ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධති අතුරින් සීග‍්‍රයෙන් විනාශයට ලක් වෙමින් පවතින පරිසර පද්ධති ආකාර දෙකක් වේ. එනම් ලවණ වගුරු බිම් හා කඩොලාන වනාන්තරය. මේවා බොහෝ විට එක හා සම්බන්ධව පවතින පරිසර පද්ධති වේ. වියළි කලාපයේ වෙරළබඩ ප‍්‍රදේශවල තැනින් තැන ව්‍යාප්තව ඇති ලවණ වගුරු බිම් ඉස්සන් ගොවිපොළවල් ව්‍යාප්ත කිරීම ඇතුළු විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමෙන් අද වන විට 80% ක් පමණ විනාශයට ලක් ව තිබේ. කඩොලාන වනාන්තරවලට ද අද වන විට එල්ල වෙමින් පවතින්නේ මේ තත්ත්වය ම ය.
    kadolaana 2
    kadolaana 3
    kadolaana 4
    kadolaana 5
    kadolaana 6
    kadolaana 7
    1994 වසරේ දී ලංකාවේ කඩොලාන වැස්ම හෙක්ටයාර 11500 ක් බව සඳහන් වුවද අද වන විට ඒ තත්ත්වය ඉතාම හානිකර ලෙස පහළ බැස තිබේ. පසුගිය කාලය පුරාම ක‍්‍රියාත්මක වූ විවිධ සංවර්ධන කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස කඩොලාන වනාන්තර සීග‍්‍රයෙන් විනාශවීම සිදු ව ඇත. ඒ අනුව අද වන විට ලංකාවේ කඩොලාන වැස්ම හෙක්ටයාර 6000 ත් 7000 ත් අතර මට්ටමක පහළ බැස ඇති බව හඳුනාගෙන තිබේ. සංචාරක හෝටල් ව්‍යාප්ත කිරීම, ඉස්සන් ගොවිපොළවල් පවත්වාගෙන යෑම, ලූණු නිෂ්පාදනාගාර ව්‍යාප්ත කිරීම හා ජනාවාස ව්‍යාප්ත කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන් ම කඩොලාන වනාන්තර විනාශ කිරීම මේ වන විට සිදු කර තිබේ. ඒ අනුව අද වන විට කඩොලාන වනාන්තර හා ලවණ වගුරු යනු ලංකාවේ සීග‍්‍රයෙන් විනාශ වෙමින් පවතින පරිසර පද්ධති තත්ත්වයට පත් ව තිබේ. වර්තමානයේ සැලැකිය යුතු කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම් විනාශයකට වගකිව යුතු වන්නේ රාජ්‍ය අංශය යි. ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය හා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විට සංවර්ධන කටයුතු සඳහා යැයි පවසමින් කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම් විශාල ප‍්‍රමාණයක් විනාශ කර තිබේ.
    ලංකාවේ සත්‍ය කඩොලාන ශාක විශේෂ 22 ක් වාර්තා වන අතර ඒවා තෙත් කලාපය, වියළි කලාපය හා අතරමැදි කලාපය ආශි‍්‍රත වෙරළබඩ පරිසරවල ව්‍යාප්ත ව තිබේ. ප‍්‍රධාන වශයෙන් ම කලපු හා මෝය පරිසරවල මේවා ව්‍යාප්තව ඇත. මේවායෙහි ලෝකයේ වාර්තා වන සත්‍ය කඩොලාන ශාක විශේෂ අතුරින් 37% ක් පමණ වාර්තා වීම විශේෂත්වයකි. එසේ නමුත් මේ කඩොලාන වනාන්තර මහා පරිමාණයෙන් විනාශ කරමින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අද වන විට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වෙමින් පවතී.
    පුත්තලම කලපුවේ ගිනිකොන සීමාවේ අක්කර 250 ක පමණ ප‍්‍රදේශයක් පුරා පැතිර තිබූ කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම් සම්පූර්ණයෙන් ම ඉවත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් ලූණු නිෂ්පාදන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරයි. මේ සඳහා බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් කඩොලාන වනාන්තර සම්පූර්ණයෙන් ම ඉවත් කර ලවණ වගුරු බිම් ගොඩ කිරීම සිදු කර ඇති අතර ලූණු නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන භූමිය සැකසීම මේ වන විට සිදු කර අවසන් ව තිබේ.
    කල්පිටිය ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක කරන මහ පරිමාණ සංචාරක ව්‍යාපෘතිය සඳහා මේ වන විට ඉතා විශාල කඩොලාන ප‍්‍රදේශයක් විනාශ කිරීම සිදු කර ඇති අතර තවත් විශාල කඩොලාන වනාන්තර ප‍්‍රමාණයක් විනාශ කිරීමට නියමිතව තිබේ. උච්චමුනේ ප‍්‍රදේශයේ සංචාරක පුරවරයට පිවිසීමට හා සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා කඩොලාන වනාන්තර එළි පෙහෙළි කර මාර්ග පද්ධති සකස් කිරීම හා ලවණ වගුරු බිම් ගොඩ කිරීම ඉතා විශාල වශයෙන් සිදු කර තිබේ. මේ හේතුවෙන් කඩොලාන පද්ධති දෙකඩ වීම, ලවණ ජලය බැස යෑමේ යාන්ත‍්‍රණය වැලකීම ඇතුළු හානිකර තත්ත්වයන් බොහොමයක් සිදු ව තිබේ. මේ ප‍්‍රදේශයේ වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප‍්‍රකාශයට පත් කර ඇති ”සංරක්ෂිත කඩොලාන වනාන්තර” පවා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් සංචාරක ව්‍යාපෘති සඳහා පවරා ගෙන විනාශ කිරීම සිදු කරනු ලැබේ.
    ත‍්‍රිකුණාමලය, කුච්චවේලි ප‍්‍රදේශයේ සලපෙආරු කලපුවේ අක්කර 1805 ක කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම් ආශ‍්‍රිත ව රයිගම්, ඊස්ටන් සෝල්ට් පුද්ගලික සමාගම මඟින් ලූණු නිෂ්පාදන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරනු ලැබේ. නැෙඟනහිර නවෝදය වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වන මේ ව්‍යාපෘතියට සලපෙආරු කලපුවේ කඩොලාන වනාන්තර සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම සිදු කර ඇත. මේ කලපුව හා ලවණ වගුරු බිම් ගොඩ කිරීම හා ලූණු නිෂ්පාදනය සඳහා භූමිය සකස් කිරීම මේ වන විට සිදු කර අවසන් ව තිබේ. එම කලපුවට ධීවර ජනතාවට ඇතුළුවීමට ඇති අයිතිය පවා සමාගම විසින් අහිමි කර තිබේ.
    මඩකලපුව, වාකරේ ප‍්‍රදේශයේ අක්කර 170 ක පමණ කඩොලාන වනාන්තර බිම් හා ලවණ වගුරු බිම් මහ පරිමාණ ඉස්සන් ගොවිපලවල් පවත්වා ගෙන යෑම සඳහා මේ වන විට සම්පූර්ණයෙන් ම විනාශ කර දමා තිබේ. නැෙඟනහිර නවෝදය වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක වේ. මේ වන විට බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් මේ ප‍්‍රදේශයේ ලවණ වගුරු බිම් හා කඩොලාන වනාන්තර සම්පූර්ණයෙන් ම ඉවත් කර ගොඩ කිරීම හා භූමිය සකස් කිරීම සිදු කර තිබේ. මේ කොටසේ ඉතිරි වී ඇති කඩෙලාන පද්ධතියට ද ඉදිරියේ දී සිදු විය හැකි හානිය සුළු පටු නො වේ.
    මීට අමතර ව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මඩකලපුවේ, පාසිකුඩා සංචාරක පුරය ගොඩනැඟීම සඳහා හා ත‍්‍රිකුණාමලය නිලාවේලි - පුල්මුඬේ සංචාරක පුරය ගොඩනැගීම සඳහා විශාල කඩොලාන වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කිරීම සිදු කෙරෙමින් පවතී. ඒ අතරම ආරච්චිකට්ටුව, කරුකපනේ ප‍්‍රදේශයේ අක්කර පහක පමණ කඩොලාන වනාන්තරයක් සම්පූර්ණයෙන් ම ඉවත් කර හා ගොඩ කිරීමට ලක් කර ලාෆ් ලෙෂර් ලිමිටඞ් නම් සමාගම මඟින් සංචාරක හෝටලයක් ඉදි කරනු ලැබේ. මේ තත්ත්වයන් මෙසේ පවතිද්දී මීගමු කලපුවේ මෝය ආශ‍්‍රිත ව අක්කර 36 ක් වන කඩොලාන පද්ධතියකින් අක්කර අටක කඩොලාන ප‍්‍රදේශයක් විනාශ කර නිවාස ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ගේ මෙහෙයවීම මත මීගමුව නගර සභාව හා මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සැලැසුම් සකස් කරමින් පවතී.
    කඩොලාන වනාන්තරවලට සිදු වන බලපෑම් මෙතෙකින් නතර වී නොමැත. මීගමුව කලපුව, කොග්ගල කලපුව, මාදුගඟ, පානම කලපුව ආදී ප‍්‍රදේශවල ව්‍යාප්තව ඇති කඩොලාන වනාන්තර එළි පෙහෙළි කරමින් සංචාරක හෝටල් ඉදි කිරීම නිරන්තරයෙන් සිදු වෙමින් පවතී.
    මේ තත්ත්වයන් සියල්ලෙහි ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම් සීග‍්‍රයෙන් විනාශ වන පරිසර පද්ධති තත්ත්වයට පත් ව තිබේ. මේ හේතුවෙන් ඒ ආශ‍්‍රිත ජෛව ප‍්‍රජාවට සිදු වී ඇති බලපෑම් ඉතා විශාල ය. විශේෂයෙන් මේ තත්ත්වය ධීවර කර්මාන්තයට ද ඉතාම හානිකර ලෙස බලපා තිබේ. බොහෝ මත්ස්‍ය විශේෂ, කකුළු විශේෂ හා ඉස්සන් විශේෂ බෝ වීම සිදු වන කඩොලාන වනාන්තර ප‍්‍රදේශ අහිමි වීම හේතුවෙන් ඒ සතුන් ගේ ගහනයන් ගේ වර්ධනය අඩාල වීම ධීවර කර්මාන්තය බිඳ වැටීමට හේතු වී ඇත.
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පුත්තලම කලපුව, හලාවත කලපුව, මීගමුව කලපුව ආශ‍්‍රිත කඩොලාන වනාන්තර බිම් ඉතාම ස්වල්පයක් හා ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඉතා කුඩා කඩොලාන වනාන්තර ප‍්‍රමාණයක් සංරක්ෂිත වනාන්තර ලෙස ප‍්‍රකාශයට පත් කර ආරක්ෂාව ලබා දී තිබේ. මීට අමතර ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භූමිය හා ජාතික රක්ෂිතවලට ඇතුළත් වන කඩොලාන වනාන්තර ඉතාම සුළු ප‍්‍රමාණයකට ආරක්ෂාව ලැබී තිබේ.
    නමුත් අද වන විට ලංකාවේ සමස්ත කඩොලාන වනාන්තර අතුරෙන් රක්ෂිත ප‍්‍රදේශ ලෙස නීතිමය ආරක්ෂාව හිමි වී ඇත්තේ 40% ක් පමණ වන කඩොලාන වනාන්තර ප‍්‍රමාණයකි. නමුත් වැඩි ප‍්‍රමාණයක් අනාරක්ෂිත තත්ත්වයේ පවතී. රජයට අයත් කඩොලාන වනාන්තර බොහොමයක් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වුව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා ක‍්‍රියාත්මක නොවීම ගැටළු සහගත ය. මේ නිසා දැනට ඉතිරි වී ඇති රජයට අයත් කඩොලාන වනාන්තර සියල්ලම වන සංරක්ෂණ ආඥා පනත යටතේ ”සංරක්ෂිත වනාන්තර” ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු අතර පෞද්ගලික බිම්වල හා ඒවා ආශ‍්‍රිත ව ව්‍යාප්ත ව ඇති කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම්, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අභය භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ක‍්‍රියාමාර්ග ගත යුතු ය. එසේ නොවුනහොත් දැනට ඉතිරි ව ඇති කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම් සියල්ලම සංවර්ධනයේ නාමයෙන් විනාශ කර දමනු ඇත. එසේ වුවහොත් සිදු විය හැකි සමාජ ආර්ථික මෙන් ම ජෛව විද්‍යාත්මක හා පාරිසරික බලපෑම් ප‍්‍රමානය අති විශාල ය.

    Forms of pollution


    The Lachine Canal in MontrealCanada, is polluted.
    The major forms of pollution are listed below along with the particular contaminant relevant to each of them:

    No comments:

    Post a Comment