පරිසර සංරක්ෂණය සඳහා ෆෝඩ් වෙතින් 15,000 ක්
ෆෝඩ් මෝටර් සමාගම ශී‍්‍ර ලංකාවේ පරිසර සංරක්ෂණය සඳහා ඇමරිකානු ඩොලර් 15,000 ක පරිත්‍යාගයක් සිදු කළේය.
එම සමාගම දෙවැනි වරටත් පවත්වනු ලැබූ ශ‍්‍රී ලංකාව තුළ පාරිසරික සංරක්ෂණ හා පාරිසරික ප‍්‍රදාන වැඩසටහන යටතේ මේ ප‍්‍රධානය සිදු කළේය.
මෙම වැඩසටහන අග්නිදිග ආසියාවේ 10 වැනි වරට මෙන්ම ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලැබුවේ දෙවැනි වරටය.
ෆෝඞ් සමාගම 2012 වසර සදහා වූ ‘ෆෝඞ් සංරක්ෂණ හා පාරිසරික ප‍්‍රදානයේ’ ජයග‍්‍රාහකයින් ලෙස ‘ශ‍්‍රී ලංකා රුක් රැකගන්නෝ සංගමය’ සහ ‘වනසරණ තුරුලතා ස්වේච්ඡා සංගමය’ ජයග‍්‍රාහකයන් ලෙස තෝරාගන්නා ලදී.
මෙසේ ජයග‍්‍රහණය කළ මුදල මෙම සංවිධාන දෙක විසින් දෙදියගල වන රක්ෂිතය රැක ගැනීම සදහා මෙන්ම දඹුල්ලේ IFS Popham උද්භිද උද්‍යානයේ සංරක්ෂණය සංවර්ධනය කිරීම සඳහා යොදවනු ඇත.
ජයග‍්‍රාහී ව්‍යාපෘති දෙක වෙනුවෙන් ෆෝඞ් සමාගම වෙතින් ප‍්‍රදානය කෙරෙන මූල්‍යමය ත්‍යාගයන් මෙම ජයග‍්‍රාහී පරිසර සංවිධාන දෙක අතර ඇමරිකානු ඩොලර් 7,500 බැගින් සමසේ බෙදී යයි.
ෆියුචර් ඔටෝමොබයිල්ස් සමාගමේ Future Automobiles& ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සුජීව පේ‍්‍රමරත්න මහතා කියා සිටියේ මෙම වැඩසටහන් දෙක ෆෝඞ් වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ ඇගයීමට ලක්වීමට හේතු වූයේ එහි ඇති ඵලදායි බව, නිර්මාණශීලි බව සේම සමස්ත ශ‍්‍රී ලංකාවටම පුළුල් අන්දමේ ප‍්‍රතිඵල අත්විදිය හැකි බව යන සාධක සැලකිල්ලට ලක් වූ නිසා බවයි.
ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම සඳහා විනිශ්චය මණ්ඩලය විසින් මිනුම්දඬු කිහිපයක් සලකා බැලූ බවත්, එසේ සැලකිල්ට ගත් මිනුම්දඬු කිහිපය අතර ව්‍යාපෘතිය සතුව තිබෙන ඵලදායි බව, ප‍්‍රායෝගික බව, මෙම සංවිධාන තුළ මෙවන් ව්‍යෘතියක් සදහා වන කැපවීම, මූල්‍යමය අවශ්‍යතාවය, නිර්මාණශීලීත්වය සහ ආකෘතිගත කිරීමේ හැකියාව ආදිය සැලකිල්ලට ලක්වූ බවද ඔහු කීය.
විනිශ්චය මණ්ඩලය විසින් ජයග‍්‍රාහකයින් තෝරා ගන්නා ලද්දේ අවසන් වටය සඳහා තෝරා ගත් තියුණු තරගකාරීත්වයකින් යුත් සංවිධාන සහ තනි පුද්ගලයින් 7 ක් අතරින් වීම ද සුවිශේෂී බවද ඔහු සඳහන් කර සිටියේය.
මේ සඳහා ෆෝඞ් මෝටර් සමාගම සහ එහි බෙදාහැරීම් සහකරු වන ෆියුචර් ඔටෝ මොබයිල්ස් (Future Automobiles) වෙත අයදුම්පත් 35ක් ඉදිරිපත් වී ඇත.
මෙහි විනිශ්චය මණ්ඩලය ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාරිසරික විද්‍යා සහ වන අධ්‍යයන අංශයේ ආචාර්ය ප‍්‍රියාන් පෙරේරා මහතා, ශ‍්‍රී ලංකා පුද්ගලික කළමණාකරන ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී දයාන් සෙනෙවිරත්න මහතා හා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කපිතාන්/උපදේශක ගුවන් නියමු මාලන් පෙරේරා මහතා කටයුතු කළහ.
පසුගිය වසරේ ෆෝඞ් සමාගම ශ‍්‍රී ලංකාවේ තම ජයග‍්‍රාහී සංරක්ෂණ හා පාරිසරික ප‍්‍රධාන වැඩසටහන ලෙස නකල්ස් රක්ෂිතයේ හට ගන්නා ගිනි වැළක්වීමේ කි‍්‍රයාමාර්ග සහිත වැඩසටහනක් තෝරා ගත්තේය.
මීට වසර 10කට පෙර ගෝලීය ප‍්‍රදාන වැඩසටහන ඇරඹුණදා සිට ෆෝඞ් සමාගම ආසියා පැසිපික්, කැරිබියන්, මධ්‍යම ඇමරිකානු, මැද පෙරදිග සහ පූවර්ටෝ රිකෝ ආදී කලාප තුළ සියගණනක් වූ පාරිසරික වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදානය කොට තිබේ.
ආසියා පැසිපික් කලාපය තුළ පමණක් ෆෝඞ් සමාගම සුවිශේෂී භූමිකාවක නිරත වෙමින් පාරිසරික වැඩසටහන් 60කට අධික ප‍්‍රමාණයක් සඳහා තම දායකත්වය සපයා ඇත.
ආසියා පැසිපික් කලාපයේ අපනයනය හා වර්ධනය සහිත තෝරාගත් වෙළෙ`දපොළවල මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වේ.
ෆෝඞ් සමාගමෙහි ආසියානු කලාපයේ අපනයන හා වර්ධන මෙහෙයුම් පිළිබද කලාපීය කළමනාකාර ඬේවිඞ් වෙස්ටර්මන් මහතා මෙම වැඩසටහන සම්බන්ධව මෙසේ කීය.
‘මෙම වැඩසටහනට පරිසරය සුරැකීමේ හා එහි ප‍්‍රජාවගේ ජීවන මට්ටම නඟා සිටුවීම සදහා ෆෝඞ්හී අනාගත ගමන් මගේ එක් ප‍්‍රයත්නයක් පමණයි. නිපැයුම් හඳුන්වා දෙන්නන් ලෙස මෙන්ම ව්‍යාපාර කටයුතු කරන ප‍්‍රජාවේ අපද සාමාජිකයින් ලෙස සලකමින් පරිසර සංරක්ෂණය, ආරක්ෂා කිරීම හා අධ්‍යාපනය අප සිදුකරන ව්‍යාපාරයෙහි පරිපූර්ණත්වය ස`දහා අත්‍යාවශ්‍යයි.“
ෆෝඞ් මෝටර් සමාගම පිළිබඳව
ඇමරිකාවේ මිචිගන් ප‍්‍රාන්තයේ ඩියර්බෝන් ප‍්‍රදේශය කේන්ද්‍රකොටගත් ෆෝඞ් මෝටර් සමාගම ලොව මහාද්වීප 6 පුරා, වාහන නිෂ්පාදනයේ හෝ බෙදාහැරීමේ යෙදී සිටින දැවැන්ත සමාගමකි. ලොව පුරා සේවකයින් 1,71,000ක් සහ කම්හල් 65කින් යුත් සමාගමේ වාහන විශේෂ අතර ෆෝඞ් සහ ලින්කන් වෙළෙඳ ලකුණ දරන වාහනද වේ. සමාගම ෆෝඞ් මෝටර් ක්‍රෙඩිට් සමාගම හරහා මූල්‍ය සේවාවන්ද සපයනු ලබයි. ෆෝඞ් සහ ලොවපුරා එහි නිපැයුම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා [LINK=http://corporate.ford.com/]http://corporate.ford.com [/LINK]වෙබ් අඩවියට පිවිසෙන්න.
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් PLC පිළිබඳව
වර්තමාන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මෙන්ම ක‍්‍රියාශීලී සමාගමක්ද වන සොෆ්ට්ලොජික් සමාගම සාමාන්‍ය විකුණුම්, සෞඛ්‍ය රැුකවරණ, තොරතුරු තාක්ෂණ, වාහන, සංචාරක හා විවේක, මූල්‍ය ආදී විවිධ ව්‍යාපාරික ක්ෂේත‍්‍ර වෙත ව්‍යාප්තව සිටින අතර ප‍්‍රමුඛ ගෝලීය සන්නාම කීපයකම බලයලත් බෙදාහරින්නා බවටද පත්ව සිටී. මේ වන විට ශ‍්‍රී ලංකාවෙන් එපිට සිංගප්පූරුව හා ඕස්ටේ‍්‍රලියාව යන රටවල ද මෙම සමාගමේ කාර්යාල පිහිටුවා ඇත. 5000කට අධික සේවක පිරිසක් මෙම සමාගමෙහි සේවය කරයි.
No comments:
Post a Comment