ජගත් පරිසර දිනය සැමරීම - 2012
වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක මිහිතල දිනය, මිහිතලයේ සෞන්දර්ය ඇගයිමට ලක් කිරිමට සඳහාසෑම වසරකම අපේ‍්‍රල් මස 22 වන දින සමරනු ලබනවා. එමෙන්ම පරිසරය හා සොබා සෞන්දර්ය,අසිරිමත් භාවය මිහිකත ජීවයේ අවශ්යතාවය පෙන්වා දෙනු ලබනවා. මිහිකත දිනය තුළින් රියෝ ප්රඥප්තියඇති කිරිමට විශාල බලපෑමක් එල්ල වුණු අතර මිහිතලය සුරැුකීම හා තිරසාර පැවැත්ම අත්යාවශ්යතාවයපෙන්වා දෙන ලදී.
2012 ලෝක මිහිකත දින සැමරුම පැවැත් වුණේ පරිසර අමාත්යංශයේ හා කොළඹ එක්සත් ජාතීන්ගේතොරතුරු කේනද්රයේ ප්‍රධානත්වයෙනි. මෙය රාජකීය විද්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වු අතරඅනුග්රාහකත්වය සඳහා බි්රතාන්ය කවුන්සලය, EDEX, Think of Green සංවිධානය දායක විය.මෙහි සියලූ සංවිධාන කටයුතු සිදු කරනු ලැබුවේ “MIGA” “ Make It Green Again” ව්යාපෘතිසංවිධාන මණ්ඩලයයි. මිහිකත දින සැමරුමට සමගාමීව තිරසාර පැවැත්ම සඳහා ඩිජිටල් තාක්ෂණය තුළින්දැනුවත් කිරීම නමින් වැඩමුළුවක් ද පැවැත්විණි. මීට අමතරව මෙවර මිහිකත දින උත්සවය තුළ “One day One Earth” නමින් මාතෘකාමය චිත්‍රපටයක් රටවල් 193 ක එළි දක්වනු ලැබුවා. එදින මෙම චිත්‍රපටය2010 ඔක්තෝබර් 10 වන දින ලෝකයේ සෑම රටකම සිදු වු ප්රතීමත් හා දුක්මුසු අවස්ථා මුසුකර ගතචිත්රපටයකි. මෙහිදී පරිසරය සුරැුකිමේ වැදගත්කම, සම්පත් අධි පරිභෝජනය විදහා පෙන්වන ලදී. මෙමඅවස්ථාවට පරිසර අමාත්යාංශයේ ලේකම් බී.එම්.යු.ඞී. බස්නායක මහතා, අචාර්ය ආනන්ද මල්ලවතන්තත්රී,සහකාර නේවාසික නියෝජිත පාරිසරික සහ බලශක්ති අංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හාඑක්සත් ජාතීන්ගේ තොරතුරු කේන්ද්රයේ හිරන්ති ගුණවර්ධන මහත්මිය හා EDEX ආයතනයේ සභාපතිකමල් අබේසිංහ මහතා ඇතුලූ පිරිසක් සහභාගී විය.
එහිදී කරුණු දැක්වු පරිසර අමාත්යාංශයේ ලේකම් බී.එම්.යු.ඞී. බස්නායක මහතා පවසා සිටියේ පරිසරසංරක්ෂණය සඳහා සමාජය දැනුවත් කිරීම සඳහා තරුණ ප්‍රජාව අත්යාවශය බවත් දේශගුණික විපර්යාසඅවම කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග තරුණ ප්‍රජාවට විවිධ දේ කළ හැකි බවයි. ඔහු වැඩි දුරටත් පැවසුවේපරිසර අමාත්යාංශය එළඹෙන රියෝ +20 මිහිකත සමුලූවට ශ්‍රී ලාංකීක ප්‍රතිපත්ති ප්රකාශනයක්සුදානම් කරමින් සිටින බවයි.
එක්සත් ජාතීන්ගේ තොරතුරු කේන්ද්රය නියෝජනය කරමින් හිරන්ති ගුණවර්ධන මහත්මිය මෙවර මිහිකතදිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කී මුන්ගේ පණිවිඩය ලබා දෙනු ලැබුවා. එම පණිවිඩයේසඳහන් වන පරිදි මෙවර පැවැත්වෙන රියෝ +20 මිහිකත සමුලූවේ දී උපරිම අවස්ථාවක් අප ලබා ගත යුතුබවත් එය මානුෂීය සංහතියට මිහිකත සුරැුකීමටත් තිරසාර පරිසරයක් ගොඩනැංවීමට හමුවන අවසන්අවස්ථාව බවත් මිට අමතරව ඇය තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට මෙරට තරුණ ප්‍රජාව කරනු ලබනකටයුතු හා එම කටයුතු R10+20 ජාතික වැඩපිළිවෙල හරහා ඉදිරිපත් කිරිමට කරන උත්සහය අගය කරනබවත් ය. EDEX ව්යාපෘතියට බි්රතාන්ය කවුන්සලයට මෙවර මිහිකත දිනය සංවිධානය කිරීම වෙනුවෙන්ස්තූතිය පළ කර සිටියා.
ලෝක මිහිකත දිනයේ පැවැත් වුණ වැඩමුලූව ශ්‍රී ලංකාවේ තරුණ සංවිධානවල විශාල සහභාගීත්වයක්තිබුණු අතර තිරසාර සංවර්ධනය, ඩිජිටල් තාක්ෂණය හා නව මාධ්යය තුළින් පරිසරය දැනුවත් කිරිම පිළිබඳදේශන පැවැත් විය. මෙම දේශන හේමන්ත විතානගේ, මායා දීයස්, නෙසාන් ගුණසේකර සහ චරිත රත්වත්තේයන අය විසින් පවත්වනු ලැබුවා.
මෙම උත්සවය පවත්වනු ලැබුවේ R10+20 මිහිකත සමුලූව සඳහා ජාතික වැඩපිළිවෙළට දායකත්වයසැපයීම සඳහා වර්ෂ 2011 දී මෙම ව්යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ බි්රතාන්ය කවුන්සලයේ දේශගුණිකවිපර්යාස අංශයේ නිලන්ක පන්තිආරච්චි earth lanka වෙබ් අඩවිය වෙනුවෙනි. මෙම ව්යාපෘතිය මගින්පසුගිය එක්සත් ජාතීන්ේග දේශගුණික විපර්යාස සමුලූවේ ද ීදකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ දී ඒපිළිබඳ ගීතයක් හා සංගිත විඩියෝවක් එළි දැක්වුණු අතර මේ සඳහා පද නිර්මාණය ශ්‍රියානි යාපා විිසින්හා මෙහි සංගීත නිර්මාණය දුලිප් ගබඩාමුදලිගේ විසින් නිර්මාණය විය. ලාංකේය තරුණ ප්‍රජාවනියෝජනය කරමින් මෙම ගීතය එළිදැක්වු අතර මෙය නිර්මාණය කිරිමට තරුණ තරුණයින් 50 දෙනෙක්පමණ සහභාගී විය. මෙහි ඇදුම් නිර්මාණය සඳහා දුලක්ෂි ජයසේකර හා රංගන දායකත්වය දකුණු ආසියානුතරුණ සම්මානයේන් පිදුම් ලැබු අනෝකා අබේරත්න මහත්මිය දායක විය.
No comments:
Post a Comment