Our responce අපේ වගකීම


පරිසර දූෂණය වලක්වා ගන්න
තිරසාර සංවර්ධනය


තිරසාර (ධරණීය) සංවර්ධනය යනු
මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.අනාගතය සඳහා සම්පත් සුරකීමේදි යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය.
ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්‍රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි.එවා නම් මානව කේන්ද්‍ර ගත භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රගත වු පරිසරය සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන්ය.පශ්චාත් යුධ සමයේදි ඌන සංවර්ධිත ලෝකය යනුවෙන් හැදින්වුණු වත්මන් තුන්වන ලොව රටවල් කාර්මිකරණය කිරිම පිළිබඳ ප්‍රශ්නය සංවර්ධනය යනුවෙන් හදුන්වන ලදි.එහිදි කැපි පෙනුන මුලික ලක්ෂණය නම් උණ සංවර්ධිත ලෝකය සංවර්ධනය කිරිම යනු සංවර්ධිත රටවල‍ටම ආවේනික කාර්මිකරණයේ අනුරුවක් බවට පත් විය යුතු බව විනා තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමයි. සංවර්ධිත රටවල් අනුගමනය කෙරුනු දේශපාලන මතවාද සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑවේ විවිධාකාර ලෙස වුවද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික පාරාමිතින්ම පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබේ.අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතුවී ආ ප්‍රධාන කරුණ වුයේ සංවර්ධිත රටවලකාර්මිකරණය‍‍ තුල ඇති වු විපත් පිළිබඳව කතා කිරීමයි.එබදු තත්වයක් සංවර්ධනය විරෝධි එකකි.මේ තත්වය යටතේ මෙම චින්තන ධරා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය.සංරක්ෂණ වාදින් ගත් කළ සංවර්ධනය විරෝධින් වශයෙන් සංවර්ධනය පරිසරයේ සතුරෙකු ලෙසද සිතිමට තරම් අන්තගාමි තත්වයකට ඹවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණි.මෙම අන්තගාමි තත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසදුමක් කරා යොමු විමට ධරණීය සංවර්ධනය නම් සංකල්පය බිහිවින.

ස්ටොක්හෝම් ප්‍රකාශනයේ වැදගත්කම.[සංස්කරණය]

1972 දී ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති එක්සත් ජාතින්ගේ මානව පරිසරය පිළිබඳ සමුළුවේදි පරිසරය ආරක්ෂා කර ගැනිම ගැන මුලු ලෝකයේම අවධානය යොමු විය.එම සමුළුවෙන් එළි දැක්වු [[ස්ටොක්හෝම් ප්‍රකා hueles a culo de monoන්ති 26 කින් සමන්විත විය. මෙහි 1 වන වගන්තිය මගින් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීම පිළිබඳව අදහස් දක්වා තිබේ.නමුත් මෙහිදි ධරණීය සංවර්ධනය පිළිබඳ ඍඡුවම දක්වා නොමැති අතර මානව පරිසරය පිළිබඳ අවධානය යොමු කොට ති‍බේ.

රියෝ ප්‍රකාශනයේ අදාලත්වය.[සංස්කරණය]

ධරණීය සංවර්ධනය යන සංකල්පය ක්‍රමානුකූලව ලොව තුල ප්‍රතිස්ථාපිත වුයේ 1992 වර්ෂයේදී එක්සත් ජාතින්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව තුලිනි. මෙය රියෝ ද ජැනයිරෝ නගරය්දි ජුනී මස 3 සිට 14 දක්වා පවත් වමින් තිරසාර සංවර්ධනය සඳහා රාජ්‍යමය ආකල්ප යම් තරමකට වෙනස් කිරිමට උත්සාහ දරණ ලදි. මෙය මිහිතල සමුළුව ලෙසද නම් කරන අතර ආර්ථිකය ජිවිතයේ සෑම අංශයකම ප්‍රතිපත්ති සෑදීම හා ක්‍රියාත්මක කිරිමට මුල්වන ප්‍රධාන කරුණ බවට තහවුරු කරන ලදි.සෑම මිනිසකුටම ස්ථාවර අනාගතයකට මුහුණ දිය හැකිවන සේ පෘථිවි පරිසරය රැක ගැනීමේ අවශ්‍යතාවයත්, පරිසරය හා ආර්ථික කටයුතු අතර ගැලපීමක් ඇති කිරිමටත් අවශ්‍ය ස්ථාර පියවර පිළිබඳ තීරණ සෙවීමට මෙය පදනම විය.මානව සංහතියේ අනාගතය අළුත් මඟකට යෙමු කිරිම සඳහා මිනිසුන් ඒකරාශි කිරිමේ මෙතෙක් නොවූ විරෑ ප්‍රයත්නයක් ලෙස සැලකිය හැකි මෙම සමුළුවට රාජ්‍යන්ට අමතරව ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලික අංශද සහභාගී විය.මෙහිදි පරිසරයට හානි නෙකරමින් ඉදිරියට ගමන් කරමින් තමන්ද රැකෙමින් පරිසරයද රැකගතයුතු අදහස ලොවට හෙලි කලේය.රියෝ ප්‍රකාශනයේ පුරිචිකාවෙන්ම දක්වා තිබෙන්නේ ගෝලිය පාරිසරික හා සංවර්ධන පද්ධතියේ අඛණ්ඩතාව අරක්ෂා කරන්නාවූ ජාත්‍යන්තර ගිවිසුම් සදහා ක්‍රියා කරන රාජ්‍යන්ද, සමාජ වල සහ ජනතාවගේ ප්‍රධාන අංශ අතර නව මට්ටමේ සහයෝගීතාවයන් ඇති කිරිම තුලින් අලුත් සහ සාධාරණ ලෝක හවුලක් පිහිටුවීමේ පරමාර්ථ‍යෙන් යුතුව ඒ මත විශ්වාසය තැබිම අපේක්ෂා කරමින්ද, අපගේ වාස භුමීය වන පෘථිවියේ අකණ්ඩ සහ අ‍න්‍යෝන්‍ය වශයෙන් රැදි පවත්නා ස්වභාවය පිළි ගැනිම තුලින් ධරණීය සංවර්ධනය පිළිබඳ අඳහස දක්වා තිබේ.මෙම සමුලුවේදි පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතින්ගේ කොමිසමේ වාර්තා වු "අපේ පොදු අනාගතය" තහවුරු කිරිම සඳහා මිනිස් වර්ගයාගේ හා ඒ ඒ රටවල ආර්ථික මෙන්ම පාරිසරික රටාව පාලනය විය යුතු ආකාරය පිළිබඳ මුලික කරුණු අඩංගු පෘථිවි තලය පිළිබඳ නීති පද්ධතියක් ඇති කර ගැනීම අරමුණු විය.

21 වන න්‍යාය පත්‍රය[සංස්කරණය]

පරිසරය හා ආර්ථිකය අතර සම්බන්ධතාවයට හානි කරන සියළුම ප්‍රධාන අංශයන් පිළිබඳව ක්‍රියා කිරිමට සැලැස්මක් ගොඩනංවන අතර එය 21 වන සියවස සඳහා න්‍යාය පත්‍රය ලෙස හදුන්වන ලැබේ.තවද ලෝක පරිසරය සුරැකීම සඳහා සාමූහිකව කටයුතු කිරිමට හා තම රටවල සංවර්ධිත ප්‍රතිපත්ති සැකසිමේදිත්, ක්‍රියාත්මක කිරිමේදීත්, ඒ සඳහා මූල්‍යමය හා තාක්ෂණික අධාර සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ලබා දීමේදීත්, කාලගුණ විපර්යාස, ජීව විද්‍යාත්මක වෙනස්වීම් හා වන සංරක්ෂණය පිළිබඳ ගිවිසුම් බිහිකිරිම අරමුණු ලෙස හදුනාගත හැකිය.තිරසාර සංවර්ධනය ඉටුකර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන අරමුණක් නම් සංවර්ධනයේ ඵල සර්ව ‍‍භෞම හා සර්වකාලීන බවට පත් කරලීමයි.සංවර්ධන හා සංවර්ධනය වන රටවල් වශවෙන් ලෝකය බෙදී ඇති අතර එම දෙවර්ගයටම අයත් රටවල් අතර සංවර්ධන අරමුණු හා එවා මූණ පාන ගැටළු එකිනෙකට වෙනස් වේ.සංවර්ධිත ලෝකයට ඇත්තේ දැනටමත් ලබාගෙන ඇති සංවර්ධන තත්වයන් පාරිසරික වශයෙන් තිරසාර කරගැනීම වන අතර සංවර්ධනය වන රටවලට ඇත්තේ තවමත් ලබා නොගෙත් සංවර්ධනය ලබා ගන්නා අතරම එය පාරිසරික වශයෙන් තිරසාර කරගැනීමටද ඇති එකිනෙකට වෙනස් වූ අභියෝගයන්ය. මේ අනුව මිනිසා මිහිතලය මත ජීවත් වීමට අපහසු තරමටම පාරිසරික හානි සිදු කරන අතර පාරිසරික වශයෙන් විශාල ගුණාත්මක පරිහානියක් සිදු වන විට එය වැලැක් වීම සඳහා පාරිසරික වශයෙන් සවිඥාණික සමාජයක් තුලින් සම්පත් සංවර්ධනය හා පාරිසරික සංරක්ෂණය තුලනාත්මක ලෙස පවත්වා ගෙන යා යුතු බව වැදගත් වේ.ධරණීය සංවර්ධණයේ අවසාන ඉලක්කය එය වේ.


පලිබෝධ නාශක   භාවිතය අවම කිරීම

උතුරේ සහ උතුරු මැද පළාතේ ජීවත් වන සිංහල ජනතාව එම පාරමිපරික භූමි වලින් ඉවත් කොට ඊළාමි රාජ්‍යය පිහිටුවීමට බටහිර රටවල් හා ඉන්දියාවේ සහායෙන් මහා ජන ඝාතක යුද්ධයක් දියත් විය. රසායනික අවියක් වන පලිබෝධනාශක වෙසෙසින්ම ආසනික් යොදා කරන ජනඝාතනය එහි කොටසකි. මෙම හෝරාවේදී හෙළි දරව්කරමින් පවතින්නේ එම කුමන්ත්‍රණයයි. එම නිසා කෘෂී රසායන භාවිතයෙන් ඉවත්ව ගහකොළත් සතා සීපාවන් ඇතුලු සමස්ත පරිසර පද්ධතියත් රැක ගැනීම සඳහා වූ නව සංවර්ධන ප්‍රවේශයකට එළඹිමට මෙම ස්වර්ණමය අවස්ථාව යොදා ගත යුතු යයි සිතමි.
ලංකාවේ ගොවි බිමි අතරින් වී ගොවිතැනට සහ එළවලු වගාවට යොදන පලිබෝධ නාශක ප්‍රමාණය පසුගිය කාලයේ දී ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. විවිධ වෙළෙඳ නාමයන් යටතේ මේ පලිබෝධ නාශක විවෘත වෙළෙඳ පලේ දක්නට තිබේ. ඒවා භාවිතය උදෙසා නොයෙකුත් වෙළෙඳ දැන්වීමි ඉදිරිපත් වීම නිසා මිළදී ගැනීමේ තරඟයක් ද ඇති වී තිබේ. රජයේ කෘෂීකර්ම ව්‍යාප්ති සේවය පසුගිය කාලයේ දී අඩාල වීම නිසා ගොවීහු වෙළෙඳ නියෝජිතයින් ගේ උපදෙස් මත මෙකී විවිධාකාර පලිබෝධනාශක ලබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනී යයි. මෙහි ප්‍රථිඵලය වී ඇත්තේ වෙළෙඳ පලේ පවතින ආහාර වල විශාල වශයෙන් වස විස අඩංගු වීමයි.
අසූව දශකයේ පමණ පරිසර වේදීන් ගේ උනන්දුව මත පලිබෝධ නාශක පිළිබඳ සත්‍යය සමාජයේ කථාබහ වන්නට විය. එයට ප්‍රබල හේතුවක් වූයේ  ඇමෙරිකා එක්සත් ජනපදයේ පලිබෝධ නාශක භාවිතය හා එහි ප්‍රථිඵල පිළිබඳව විශිෂ්ඨ පර්යේෂණ ග්‍රන්ථයක් 1962 දී රචෙල් කාර්සන් මහත්මිය විසින් පළ කිරීමයි. විවිධ වගා ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි නිබන්ධිත මේ ග්‍රන්ථය ලොව පුරා පරිසර වේදීන් ගේ හෘදය සාක්ෂිය අමතන්නක් විය. මේ නිසා පලිබෝධ නාශක භාවිතය ට විරෝධීව ඇමෙරිකා එක්සත් ජනපදයේම විශාල රැල්ලක් බිහිවිය. මෙහි ප්‍රථිඵලයක් වශයෙන් ඩී.ඩී.ටී. ඇතුළු පලිබෝධ නාශක රාශියක් භාවිතයෙන් ඉවත් කරන ලදහ. ඩී.ඩී.ටී. 1970 දී සහ 1977 දී ලංකාවේ ද තහනමි කරන ලදහ. ඉන් පසු අසූව දශකයේ දී 2-4-ඩී, ඩියුරොන්, එම් සී පී ඒ, පැරකට්, ප්‍රොපනිල්, කැප්ටාන්, මැන්කොසෙබ්, කාබොෆියුරාන් ආදී පලිබෝධ නාශක රාශියක් ඇමරිකාවේ දී තහනමි කරන ලදහ. මේවා උග්‍ර විස වර්ග වන අතර ප්‍රබල පිළිකා කාරක බව සොයා දැන ගෙන ඇත. ඊට අමතරව ප්‍රජනන පද්ධතියට විශේෂ බලපෑමි කරන බව ද සොයා ගෙන තිබේ.
මෙම පලිබෝධ නාශකයන් ට පදනම් වන විශේෂ රසායන ද්‍රව්‍යයකි ආසනික්. රචෙල් කාර්සන් මහත්මිය විසින් පළ කරන ලද (සයිලන්ටි ස්ප්‍රින්) නම් ග්‍රන්ථයේ සිංහල අනුවාදය වන නිහඬ වසන්තය (පරිවර්තනය ආචාර්ය චන්දි රාජපක්ෂ) මේ ආසනික් පිළිබඳව මෙසේ සඳහන් කරයි.
දෙවනි ලෝක යුද්ධය, කෘමිනාශක ලෙස අකාබනික රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීමේ හා කාබන් අණුවේ විශ්මිතය ලෝකයට ඇතුළු වීමේ සළකුණු තැබීය.
එහෙත් පැරණි රසායන ද්‍රව්‍ය සුළුතරයක් කෘමිනාශක ලෙස නොනැසී භාවිතයේ පවතී. මේවා අතරින් ආසනික් ප්‍රධානය. වල්නාශක, කෘමිනාශක ගණනාවක මූලික සංඝටකයක් ලෙස එය තවමත් යොදා ගැනේ. ආසනික් දරුණු විස සහිත ද්‍රව්‍යයක් වන අතර ප්‍රධාන වශයෙන් විවිධ ලෝහ සහිත පස් සමග සුළු ප්‍රමාණයන්ගෙන් ගිණිකඳු අසල සාගරයේ හා හිම දිය වෙමින් සැදෙන ජලයේ පවතී. එයට මිනිසාගේ ඇති සම්බන්ධකම් විවිධය.  එහි බොහොමයක් සංයෝග වලට විශේෂිත රසයක් නොමැති වීමේ හේතුවෙන් ඓතිහාසිකව ඉතාලි බෝගියස්වරුන්ගේ (ඝාතක පරමිපරාවක්) කාලයට බොහෝ කාලයකට පෙර සිට අද දක්වා ම මිනී මැරීමට යොදා ගත් ප්‍රියතම නියෝජිතයෙක් විය. එංගලන්තයේ දුම් කවුළු වල හයිඩ්‍රොකාබන් සංඝටක වල ඇති ආසනික් පිළිකාකාරකයක් ලෙස සැලකෙයි. මෙය හඳුනා ගන්නා ලද්දේ ශත වර්ෂ දෙකකට පමණ ඉහත දී ඉංග්‍රිසී ජාතික වෛද්‍යවරයෙකු විසිනි. දරුණූ ලෙස සිදුවූ ආසනික් විසවීම් නිසා මුලු ජනගහනයන්ට ඇති වූ වසංගත තත්ව දීර්ඝ කාලයක් තිස්සේ වාර්තා වී ඇත. ආසනික් වලින් ¥ෂිත පරිසරයක් ද අශ්වයන්ගේ හරකුන්ගේ ඌරන්ගේ මුවන්ගේ මාලුන්ගේ හා මී මැස්සන්ගේ රෝගී තත්ව හා මරණ ද ඇති කරයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ කපු වගාවට යෙ¥ ආසනික් සහිත කෘමිනාශක හේතුවෙන් කර්මාන්තයක් ලෙස පැවති මී මැසි පාලනය සමිපූර්ණයෙන් ම වාගේ විනාශ වී ගියේය.
වල් නාශක වල සංඝටකයක් වන ආසනික් ද රසදිය අඩංගු දිලීර නාශකයක් වන මර්කියුරික් ඔක්සයිඩි ද ලංකාවේදී තහනමි කරන ලද්දේ 1987 වර්ෂයේ සහ 1988 වර්ෂයේ දීය. 1980 දී පලිබෝධ නාශක පණත ක්‍රියාත්මක වීමට පටන් ගැනීමත් සමගම මෙලෙස පලිබෝධ නාශක විසිපහකට අධික සංඛ්‍යාවක් තහනමි කර තිබේ. එහෙත් ඇමෙරිකාවේදී තහනම් කරන ලද පැරකටි මෙන්ම මොනොක්‍රොටපස් ද තවමත් ලංකාවේ දී භාවිතයට ගැනේ. එසේම මැන්කොසෙබ් අඩංගු පලිබෝධනාශක වර්ග කීපයක් ද කාබොෆියුරාන් සහ එම් සී පී ඒ අඩංගු පලිබෝධනාශක කීපයක් ද තවමත් ලංකාවේ තහනමි කර නොමැත. 2002 වර්ෂයේ ද කාබොසල්පාන් අඩංගු පලිබෝධ නාශක අටක් තහනම් කරන ලදහ. පලිබෝධ නාශක පණත යටතේ ආරම්භ කරන ලද පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයාගේ කාර්ය භාරය වන්නේ ලංකාවට ගෙන්වන පලිබෝධ නාශක ක්‍ෂේත්‍ර පර්යෙෂණයන්ට ලක් කිරීමයි. එහෙත් මෙරටට ගෙන්වන කිසිම පලිබෝධ නාශකයක් රෙජිස්ටාර්වරයා විසින් පරීක්ෂා කොට බලා නොමැත.
2011-05-31 සයන්ස් ඇන්ඩි ටෙක්නොලජි සඟරාවේ පළවූ ලිපියක ඉන්දීය ලේඛක ආදිත්‍ය බත්‍රා කියන පරිදි ලංකාවේ පලිබෝධ නාශක කාර්යාලයට ප්‍රමාණවත් තරම් අරමුදල් ලැබෙන්නේ නැත. ඔවුහු නිරන්තරයෙන් තම පර්යේෂණ සඳහා පලිබෝධ නාශක ගෙන්වා බෙදා හරින බහු ජාතික සමාගමි මත යැපේ. පලිබෝධ නාශක උපදේශක කමිටුව මගින් තහනම් කරලීමට නිර්දෙශ කරන ලද ඇතැම් පලිබෝධ නාශක තවමත් වෙළෙඳ පලේ පවතින්නේ මේ හේතුවෙනි.
කෙසේ වෙතත් රජරටට වසංගතයක් වූ වකුගඩු රෝගයට හේතුව පලිබෝධ නාශක වල අඩංගු ආසනික් සහ රසදිය බව කැළණිය සරසවියේ ස්වාධීන පර්යේෂණ කණ්ඩායමක් සොයා හෙළි දරව් කොට ඇත්තේ කිසිදු රජයේ මුදලක් වියදම් නොකරමිනි. විද්‍යා හා පර්යේෂණ ඇමතිනිය සඳහන් කරන පරිදි වකුගඩු රෝගයට  හේතු සෙවීම සඳහා රජය දැනටමත් රපියල් දශලක්ෂ 40,000ක් (රුපි. කෝටි හාරදහසක්) වැය කර ඇත. නමුත් ඒ කිසිවෙක් පලිබෝධ නාශක පරීක්ෂාවට ලක් කර නොමැත. මේ වන විට රේගුව විසින් කරන ලද ස්වාධීන පරීක්ෂණයකදී  ද අදාළ ආසනික් සංඝටක අඩංගු බව සනාථ වී ඇති හෙයින් දැනට ගෙන්වන ලද සියළුම  පලිබෝධ නාශක තොග ගුදමි වලම සීල් තබා නිදහස් කිරීම තහනම් කර ඇත.
1985 දී අමිපාර දිස්ත්‍රික්කයේ වී අස්වනු විනාශ වූයේ අහඹු කීඩෑ වසංගතයක් පැතිර යාම නිසාවෙනි. මෙයට හේතුව පලිබෝධ නාශක භාවිතයයි. නිර්දේශ කර තිබුණේ රෝගයක් ඇතිවූ විට පමණක් පලිබෝධ නාශක යෙදීම වුවද ගොවීන් කන්නයකට පස් වතාවක් පලිබෝධ නාශක භාවිතා කර තිබුණි. කීඩෑ වසංගතයට හේතුව දැන දැනම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පලිබෝධ නාශකයන්ට විරුද්ධව කිසිවක් නොකළහ. ඒ වෙනුවට කීඩෑ හානියට ප්‍රතිරෝධී වී වර්ග සොයා ඉදිරිපත් කිරීමට ඔවුහු උත්සාහ කළහ. නමුත් ගොවීන් ගේ ක්‍ෂේත්‍රයේදී මේ පර්යේෂණ සියල්ල අසාර්ථක වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු අද වන විට හේන් වල උඳු වැපිරීම ඇතුලු භෝග වගාවේදී අධික ලෙසට වල් නාශක යොදති. මානා, ඉලුක් ඇතුළු ළඳු කැලෑ කපා සී සෑම වෙනුවට ඔවුහු වල්නාශක ඉස එසැනින් වැපිරීම සිදු කර ගෙදර යාම සිරිතක් කර ගෙන සිටිති. මේ නිසා ගොවීන් සහ කෘෂි රසායන ගෙන්වන සමාගමි අතර ඇත්තේ දැඩි කුළුපග බවකි. මේ තත්වය තවත් දැඩි කර ලීම සඳහා ප්‍රබල විද්‍යුත් මාධ්‍ය භාවිතා කරමින් සිටිති.
මෙරටට විදේශ මගින් ගෙන්වන නොයෙකුත් පළතුරු වර්ග ද වගා කරනු ලබන්නේ විශාල වශයෙන් පලිබෝධ නාශක යෙදීමෙනි. බවුසර් යොදා වස විස ඉසින දර්ශනයන් නිති පතා ඉන්දියාවේ දෙලුම් සහ පේර වතු වල දක්නට හැකිය. මෑතකදී ලක් රජය විසින් ඇමෙරිකානු සමාගමකට ලබා දුන් හඳපානාගල හා වෑකඩ වැව කැවන්ඩිෂ් කෙසෙල් වත්තේ හෙලිකොප්ටර් අංගනයක් ඉදිකරනු ලැබ ඇත්තේ ද මෙලෙස පලිබෝධනාශක ඉසීම සඳහාය.
උතුරු මැද පළාතේ වකුගඩු රෝගය ලෙසටම බස්නාහිර පළාතේ මී උණ රෝගය අද ප්‍රබල වසංගතයක් වී ඇත. සෞඛ්‍ය බලධාරීන් කුමක් කීවද වී ගොවිතැනට අදාල මෙවැනි විස තත්වයක් වර්ධනය වී ඇත්තේ අධික වල් නාශක භාවිතය බව අත් දැකීමෙන්ම දනිමි. වසර විසි පහක් පමණ තිස්සේ පලිබෝධ නාශක භාවිතයෙන් හා රසායනික පොහොර භාවිතයෙන් තොරව පවත්වා ගෙන යන මාගේ කුඹුරත් වල් නාශක බෙහෙවින්ම යොදමින් කඩිමුඩියේ නිම කරන අසල්වාසී කුඹුරුත් සංසන්දනය කරන කල්හි කුඹුරේ ඇතිවන පලිබෝධ හානි සහ මනුෂ්‍යයාට වැළඳෙන විවිධාකාර රෝග බිහිවන්නේ පලිබෝධනාශක වලින් බව එකහෙලාම කිව හැකිය. කකුලේ තුවාලයක් පැවති අවස්ථාවකදී වුවද මාගේ කුඹුරට බැස වැඩ කිරීමේ දී එම තුවාල සුව පත් වූ ආකාරය මෙහිදී සඳහන් කළ යුතුය.
වී ගොවිතැනට පමණක් නොව එළවුලු පළතුරු ආදී නොයෙකුත් වගාවන් සාර්ථකව පවත්වාගෙන යාමට සැබැවින්ම පලිබෝධ නාශක පමණක් නොව රසායනික් පොහොර ද අවශ්‍ය නොවේ. අපේ මුතුන් මිත්තන් කිසි කලක මෙවැනි විස වර්ග වගාවන් ට යෙදීම තබා ඒ පිළිබඳ කල්පනා කලේවත් නැත. එයට හේතුව බොදු දහමින් හික්ම වූ මනසක් ඔවුන් වෙත පිහිටා තිබූ බැවිනි. මත් ද්‍රව්‍ය වෙළෙඳාම වස විස වෙළෙඳාම සදා කාලිකව නිරයේ දුක් විඳවීමට සමත් අකුසලයක් බව ඔවුහු හොඳින් දැන සිටියහ.  මේ නිසා බෙහෙවින්ම පරිසර හිතකාමී ගොවි සංස්කෘතියකට හිමිකමි කීමට අපට හැකි වී තිබුණී.
කලට ගොවිතැන් කිරීම ඉෂ්ඨ දෙවි දේවතාවුන් ස්මරණය කරමින් කෘත ගුණ සැලකීම මේ සොබා දහම් ගොවිතැනේ මූලාරමිභයයි. යමිකිසි වසංගත රෝග තත්වයක් මතුවුන කල්හි භික්ෂූන් වහණ්සේලා ප්‍රමුඛ කොට ගෙන පිරිත් කීම මෙන්ම දේව සංහිඳ අභියස යාතිකා කොට භාර හාර ඔප්පු කිරීම මගින් එම තත්වය සමනය කර ගත්හ. නොයෙකුත් ස්වභාවික ශාක කොටස් උපයෝගී කොට ගෙන ශාක සාර මගින් කෙරෙන වගාවට සාත්තු කිරීම එක් අතකින් ක්ෂේම කර්මයකි. කෙමි පහන් යන පොදු නාමය ඒ සඳහා භාවිතා කරමින් පලිබෝධකයින් ගොවිපළෙන් ඉවත් කර ගැනීමේ විශ්මිත හැකියාවක් පැරණියන් සතු වූහ. යමිකිසි හෙයකින් ලංකාවට ගෙන්වන පලිබෝධ නාශක සඳහා සීමා පැනවිමක් සිදු වුවහොත් පලිබෝධකයින් සහ වල් පාලනය කර ගැනීම පිණිස පාරමිපරික දැනුම නිසි ලෙස භාවිතා කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම පසුගිය වර්ෂ විස්ස පුරාවට ම ලැබී ඇති පරිසර හිතකාමී අත් දැකීමි වලින් උකහා ගත හැකිය. මේ වනවිට කෘෂීකර්ම දෙපාර්තමේන්තුව වෙසෙසින්ම බෝම්ඹූවල පර්යේෂණායතනයේ කරන ලද කාබනික වී වගාවේ අත්දැකීමි රාශියක් ගොවීන් අතර බෙදා හැර ඇති බවද සඳහන් කළ යුතුය.
උතුරේ සහ උතුරු මැද පළාතේ ජීවත් වන සිංහල ජනතාව එම පාරමිපරික භූමි වලින් ඉවත් කොට ඊළාමි රාජ්‍යය පිහිටුවීමට බටහිර රටවල් හා ඉන්දියාවේ සහායෙන් මහා ජන ඝාතක යුද්ධයක් දියත් විය. රසායනික අවියක් වන පලිබෝධනාශක වෙසෙසින්ම ආසනික් යොදා කරන ජනඝාතනය එහි කොටසකි. මෙම හෝරාවේදී හෙළි දරව්කරමින් පවතින්නේ එම කුමන්ත්‍රණයයි. එම නිසා කෘෂී රසායන භාවිතයෙන් ඉවත්ව ගහකොළත් සතා සීපාවන් ඇතුලු සමස්ත පරිසර පද්ධතියත් රැක ගැනීම සඳහා වූ නව සංවර්ධන ප්‍රවේශයකට එළඹිමට මෙම ස්වර්ණමය අවස්ථාව යොදා ගත යුතු යයි සිතමි.
- මතුගම සෙනෙවිරුවන්





Pollution control


A litter trap catches floating waste in theYarra River, east-central VictoriaAustralia

Gas nozzle with vapor recovery

A Mobile Pollution Check Vehicle in India.
Pollution control is a term used in environmental management. It means the control of emissions and effluents into air, water or soil. Without pollution control, the waste products from consumption, heating, agriculture, mining, manufacturing, transportation and other human activities, whether they accumulate or disperse, will degrade the environment. In the hierarchy of controls, pollution prevention and waste minimization are more desirable than pollution control. In the field of land developmentlow impact development is a similar technique for the prevention of urban runoff.

Practices

Pollution control devices

No comments:

Post a Comment