Tomorrow හෙට දවස

ස්වභාව ධර්මයේ අනාගතය
            “මේ ගංගාවන්හි ගලන්නේ අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. වාතලය පුරා ඇත්තේ ඔවුන්ගේ ජීවයයි” මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ලෝ ප්‍රකට පරිසරවෙදියෙකු වූ සියැටල් නම් රතු ඉන්දීය නායකයාය. අතීතයේදී මිනිසා පරිසරයට හිතවාදී මිනිසෙකු වුව සේම ස්වභාව ධර්මය තුළ පවතින්නා වූ සමතුලනයට හේතු වූ ගනුදෙනු න්‍යාය මනා ලෙස ක්‍රියා කරන ලද්දේ විය.
            අතීත මිනිසා පරිසරය සුරැකීමටත් වර්තමාන මිනිසා පරිසරයේ න්‍යායන් බිඳ දමමින් සිදුකරන්නා වූ මෙම ක්‍රියාවලියේ අනාගත ප්‍රතිඵලය කුමක්වෙදැයි අපට කිව නොහැක. ස්වභාව ධර්මයේ අනාගතය ගැන කතා කිරීමේදී ප්‍රධානම අභියෝගය වී ඇත්තේ මිහිතලය උණුසුම් වීමේ අභියෝගයයි. මිනිස් පරිභෝජනය සීමාව ඉක්මවා පුළුල් වීමත්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ස්වභාවික සම්පත් බහුලව යොදා ගැනීමත්, සංවර්ධිත ලක්ෂණ ඉලක්ක නොවන තාක්ෂණික මෙවලම් වැඩිවීම නිසාත් වායුගෝලයට එකතුවන ගිම්හල් වයුන් හෙවත් හරිතාගාර වායු වර්ග වායුගෝලයේ උෂ්ණත්වය වැඩි කරනු ලබයි.
            ලොව පුර ඇතිවන සුළිකුණාටු, ගංවතුර,ලැව් ගිනි, නියඟ, ජෛව සාධක වඳවීම මිහිමඩල උණුසුම් කිරීම වේගවත් වන අතර එය බොහෝ විට සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන හරිතාගාර වායු ස්වභාවින් නිසාය. පෘතුවි තලයේ උෂ්ණත්වය වැඩි කිරීමට හේතුවන කාබන්ඩයොක්සයිඩ් සංයුතිය 1800 පසුව එය 30% කින් වැඩි වී ඇත. මේ ශතවර්ෂය තුල එය දෙගුණයකින් වැඩිවන බව පරිසර විද්‍යාඥයින් මත පල කොට ඇත.
            ප්‍රධාන වශයෙන්ම ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වයට බලපාන සාධක 02කි
  1. ස්වභාවික කරුණු
  2. මිනිස් ක්‍රියාකාරිත්වය

ස්වභාවික හේතුවන කරුණු සමතුලනය කොට ගැනීමට ස්වභාවධර්මයට හේතුකාරක වන අතර මිනිස් ක්‍රියාකාරකම් හමුවේ ස්වභාවයක් ගනී. හරිකේන් හෙවත් කුණාටු වල තීව්‍රතාවය 50% කින්  ඉහල යා හැකි බව මේ වන විට මත පල වී තිබේ.
මිනිසා විසින් ගෝලීය පරිසරය ගිනියම් කරන්නා ව්‍ය ආකාර කිහිපයක් තිබේ.
  1. නාගරීකරණය වැඩිවීම
  2. වෘක්ෂලතා අඩුවීම
  3. ඉන්ධන දහනය වැඩිවීම
  4. කාර්මීකරණය
  5. සත්ත්ව ගොවිපලවල් වැඩිවීම
  6. වනාන්තර එළි පෙහෙලි කිරීම
ඉහත දී ප්‍රධාන වශයෙන් ගැනෙන කාර්මීකරණය ආකාර දෙකකට බලපෑම් කරයි.
  1. සෘජු වශයෙන් අපද්‍රවය පරිසරගත වීම.
  2. වක්‍ර වශයෙන් පරිභෝජන රටාව වෙනස් වීම.
සෘජු ලෙස අපද්‍රවය පරිසරගත වීමෙන් පරිසර දුෂණය වන අතර ඊට
  1. ශබ්ද දුෂණය
  2. වායු දුෂණය
  3. ජාල දුෂණයද එක්වේ.
වක්‍ර ලෙස පරිභෝජන රටාව වෙනස් වීම මගින් එය පුද්ගල ජීවිතයට ප්‍රශ්න ගෙන එනු ලබන්නකි.
ස්වභාව ධර්ම අභිබවා මිනිසා ගමන් කිරීමේදී එහිදී ගැටළු ලෙස මානව හා භෞතික ලෙස කොටස් දෙකකින් සාකච්චා කිරීමට අපට පුළුවන. මෙහිදී පරිසර ගැටළු ලෙස.
  1. දේශගුණික වෙනස්කම්
  2. ග්ලැෂියර් දියවීම
  3. මුහුදු මට්ටම ඉහළ යෑම
  4. ජල ගැලීම්
  5. නාය යෑම
  6. වාසුළි සක්‍රිය වීම
  7. මුහුදු රළ රළු වීම
  8. ජන ජීවිත විනාශ වීම ආදී දේ පෙන්වා දිය හැක.         
මිනිසා විසින් පරිසරයට සිදුකරන හානිදායි ක්‍රියා හමුවේ මිහිමඩල උණුසුම් වීම ප්‍රධාන හේතු සාධකයකි. ඔබ අප කවුරුත් දන්නා පරිදි මේ වන විටත් ග්‍රීන්ලන්තය අයිස් තට්ටුව දිය වෙමින් පවතී එය සපුරා දිය වුවහොත් මුහුදු ජල මට්ටම 7m හා ඉහළ යයි. සියලු ග්ලැෂියර් දිය වුණහොත් 70m පමණ වැඩි වේ.
ඉහතින් සඳහන් කළ මානව ගැටළු හැරුණු විට පසුගිය කාල පරාසය තුළට නැවත හරි බැලීමේදී සිදුවූ භෞතික විනාශයන් බොහෝය.
  1. ලාහොර්වල උණුසුම වැඩිවීමෙන් 150 මිය යෑම (2207)
  2. චිතගොන්වල උණුසුම වැඩිවීම නිසා 7000ක් මිය යෑම (1990)
  3. කැත්රිනා, විල්මා, රීටා,සැන්ඩ් වැනි සුළි සුළං ඇති වීම
  4. රුසියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් 1000කත අධික පිරිසක් මියයාම.
ස්වභාව ධර්මය අභිබවා යනවා වෙනුවට එය රැක ගැනීම අප සතු වගකීමකි. ඒ සඳහා ප්‍රමුඛත්වය ගත් යුත්තේද මිනිසාමය.
  1. න්‍යෂ්ටික බලය අවම කිරීම
  2. ජාල විදුලි උත්පාදනය යොමුවීම හා විකල්ප ක්‍රියා මාර්ග
  3. Bio Gas නිෂ්පාදනයට මුල්තැන දීම
  4. බල ශක්තිය ඵලදායි ලෙස යොදා ගැනීම
  5. වන සංරක්ෂණය හා නැවත වන වගාව
මිනිසා විසින් පරිසරයට සිදු කරන ක්‍රියාවන් තුල වුවද ස්වභාව ධර්මයා නිරතුරුවම සුදානමින් සිටින්නේ මෙම පෘතුවි තලය තුළ ජීවය රඳවා පවත්වා ගැනීමටයි. අපට ජීවත් වීමට අවශ්‍ය කරන ඔක්සිජන් පිට කරනු ලබන්නේ COටොන් 1ක් සිය ජීවත කාලය තුළ උරා ගනී. ඔක්සිජන් පිට කරයි. මිනිසා විසින් පරිසරයට මුදා හරින COවලින් 30% ක් තුරුලතා උරා ගනී.
“ගෝලීය උණුසුම් වීම තුන් වෙනි ලෝක යුද්ධයයි එය ලොව හමුවේ ඇති විශාලතම අභියෝගයයි”
                                                                                                -යංග් ආර්යාව-
            ස්වභාව ධර්මයේ අනාගතය මිනිසා අතෙහි රැඳී ඇති සේම මිනිසාගේ අනාගතයද ස්වභාව ධර්මයාගේ අතෙහි රැඳී පවතී. අප ස්වභාව ධර්මය රැක ගන්නවාද නැතිනම් අපම විනාශ වී යනවාද යන්න අපම තීරණය කළ යුත්තකි.

No comments:

Post a Comment