Sunday, June 30, 2013

ජෛව විවිධත්ව BIo diversity

මැයි 22 දාට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය වෙනුවෙනි
සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය
මෙවර ලෝක ජෛව විවිධත්ව දිනයේ තේමාව ”සාගර ජෛව විවිධත්වය” යන්නය. වැඩි දෙනකුගේ අවධානය යොමු නොවන සාගර ජෛව සම්පත් වල වටිනාකම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට මෙවර ජෛව විවිධත්ව දිනය වෙන් කිරීම ඉතාම වැදගත්ය.
කුඩා දිවයිනක් වන අප රට වටා සාගරය පැවැතිය ද ඉන් නිසි ඵල ප‍්‍රයොජන ලබා ගැනීමට හෝ මේ සම්පත අනාගත පරපුර උදෙසා ආරක්ෂා කර තැබීමට ජනතාවක් වශයෙන් ප‍්‍රයත්න දරන බවක් පෙනෙන්නට නැත. සාගරය ප‍්‍රධාන කසළ රැුඳැවුමක් ලෙස භාවිත කිරීමට අප උත්සාහ දරන්නේ මේ නිසා ය. ගොඩබිම් පරිසරයේ සිදු කරන බොහෝ හානිකර ක‍්‍රියාකාරකම් සාගරයේ පැවැත්ම කෙරෙහි බලපාන බව හෝ එය රටවැසියා ගේ පැවැත්ම කෙරෙහි ඍජු ව බැඳී පවතින බව කිසිවෙක් නො සිතති. ගොඩබිම පරිසරයේ පිහිටි කර්මාන්තශාලාවන් ගෙන් වගාබිම්වලින් පමණක් නො ව හෝටල්වලින් හා නිවෙස්වලින් ඉවත් කරන සියලූ ම රසායනික අපද්‍රව්‍ය අවසානයේ සාන්ද්‍ර වන්නේ සාගරයේ ය. මෙ සේ එකතු වන බැරලෝහ, දිගුකල් පවතින රසායන හා තෙල් වර්ග සාගර ජීවීන් ගේ පැවැත්මට ඍජු ව ම අහිතකර බලපෑම් ඇති කරයි. එහෙත් මේ පිළිබඳ ව අවබෝධයක් ඇත්තේ රටවැසියා ගෙන් කීයෙන් කී දෙනට ද? 
පෘථිවි තලයෙන් 78‍% ක් වැසී අති ඉමක් නොපෙනෙන සාගරයේ ගොඩබිම මෙන් ම විවිධ වූ පරිසර පද්ධති බොහොමයක් දැක ගත හැකි ය. නොගැඹුරු මුහුද හා ගැඹුරු මුහුද ලෙස සාගරය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ. නොගැඹුරු මුහුද යනු මහාද්වීපික තටකය මත පිහිටි මුහුදු ප‍්‍රදේශය යි. මේ ප‍්‍රදේශයේ විවිධ වූ පරිසර පද්ධති රැුසක් දැක ගත හැකි ය. කොරල්පර, ගල්පර, වැලි ගල්පර, මුහුදු තෘණ භූම් ඒ අතර වෙයි. එපමණක් නො ව මඩ සහිත පතුලක් ඇති මඩ බිම් සහ වැලි සහිත පතුලක් ඇති වැලි බිම් සාගරයේ දැකිය හැකි විවිධ වූ පරිසරයන් ය. මීට අමතර ව මුහුදු පතුලේ භූ විෂමතාව අනුව විවිධ පරිසර නිර්මාණය වී ඇත. එ සේ ම ලංකාව වටා මුහුදු තීරයේ දක්නට නොලැබුණ ද නොගැඹුරු මුහුදේ, ශීත දේශගුණය පවතින ප‍්‍රදේශයන්හි මුහුදු ඇල්ගා බිම් දැක ගත හැකි ය. 
සාගරයේ ජීවී විවිධත්වයඉන්දියන් සාගරයේ් දුපතක් ලෙස පිහිටි ලංකාවට අනන්‍ය ආර්ථික සාගරික කලාපයේ ප‍්‍රමාණය වර්ග කිලෝමීටර 2,56,410 කි. මේ සමස්ත ප‍්‍රදේශය සැලැකිල්ලට ගත් විට අති විශාල ජීවී විවිධත්වයක් මෙකී ප‍්‍රදේශය ඇසුරේ වාර්තා වේ. 
ලංකාව වටා පිහිටි සාගරයේ පෘෂ්ඨවංශී හා අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ බොහොමයක් වෙයි. පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩයට අයත් සාගර ක්ෂීරපායී විශේෂ 28 කි. ඒ විශේෂ කුල 6 කට අයත් වේ. මුහුදු ඌරා, ඩොල්ෆින් හෙවත් මුල්ලන් හා තල්මස්සු ඒ අතර වෙති. ලංකාව වටා සාගරයේ ජීවත් වන පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ අතර උරග විශේෂ ගණන 18 කි. ඒ අතර වාලක්කඩින් ලෙස හඳුන්වන උග‍්‍ර විෂ සහිත මුහුදු සර්පයන් විශේෂ 13 ක් සහ කැස්බෑ විශේෂ 5 කි. 
පෘෂ්ඨවංශීන් වන මුහුදු පක්ෂි විශේෂ බොහොමයක් ම ලංකාව වටා සාගරයේ දැක ගත හැකි ය. මුහුදු ළිහිණියන්, පිටරැුලියන්, රැුළ කපන්නන්, කුණාටු පිටරැුලියන්, මුහුදු කපුටන් වැනි පක්ෂි විශේෂ 49 ක් ඒ අතර වෙයි. ලංකාවේ ගෙදවාන වැනි ¥පත්වලට ගිම්හාන ඍතු සාංක‍්‍රමණික පක්ෂියකු ලෙස බිජු ලෑම සඳහා පැමිණෙන රෝස මුහුදු ළිහිණියා ලංකාවේ විශේෂිත මුහුදු පක්ෂියෙකි. 
පෘෂ්ඨවංශී සතුන් අතර මුහුදේ රජ කරන සතුන් වන්නේ මත්ස්‍යයන් ය. ලංකාව වටා සාගරයේ මත්ස්‍ය විශේෂ 1200 කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වේ. මේ මත්ස්‍යයන් ගෙන් බොහොමයක් මිනිසා ගේ පරිභෝජනය සඳහා අල්ලා ගනු ලැබේ. මත්ස්‍යයන් අතර මෝරුන් විශේෂ 61 ක් මඩුවන් විශේෂ 31 ක් පමණ ද වෙයි. 
සාගරයේ අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ බහුතරයක් ජීවත් වේ. පසැඟිල්ලන්, මුහුදු ඉකිරි සහ මුහුදු කූඩැල්ලන් :ෑජයසබදාැරපි* විශේෂ 213 ක් පමණ ලංකාව වටා සාගරයේ ජීවත් වේ. මුහුදු කකුළුවන් විශේෂ 201 ක් සහ මුහුදු බෙල්ලන් විශේෂ 228 ක් පමණ අද වන විට ලංකාව වටා සාගර ප‍්‍රදේශයෙන් හඳුනාගෙන ඇත. 
මීට අමතර ව මුහුදු හතු, ලොඩියන්, මුහුදු මල්, කරදිය වාසී පණුවන්, දැල්ලන්, බූවල්ලන්, පෙදගිල්ලන් වැනි තවත් බොහෝ අපෘෂ්ඨවංශී ජීවී විශේෂ සාගරයේ ජීවත් වෙයි. 
සාගරයේ පිහිටි, ජීවීන් විසින් ම නිර්මාණය කරනු ලබන සුවිශේෂී පරිසර පද්ධතියක් ලෙස කොරල්පර හැඳින්විය හැකි ය. ඊට හේතුව සහජීවී සම්බන්ධතාවකින් ජීවත් වන ඇල්ගී සහ කොරල් පොලිප් ජීවියා අජීවී කොරල්පරය ගොඩනඟන නිසා ය. තනි ව ජීවත් වන කොරල් පොලිප් ජීවියාට කොරල්පර නිර්මාණය කළ නොහැකි ය. කොරල්පර නිර්මාණය කරන්නේ සහජීවන සම්බන්ධතාවයේ යෙදෙන කොරල් පොලිප් ජීවීන් ය. මේ කොරල් පොලිප් ජීවීහු ස්ථීර උපස්තරයක සවි වී කැල්සියම් කාබනේට් කවචයක් ස‍්‍රාවය කරමින් කොරල් පරය නිර්මාණය කරති. එසේ නිර්මාණය කරන කොරල් පරය බොහෝ ජීවීන් ගේ වාසස්ථාන වෙයි. කොරල්පර දැක ගත හැකි වන්නේ නොගැඹුරු මුහුදු තීරයේ, ස්ථාවර ලවණතාව හා සූර්යාලෝකය හොඳින් ලැබෙන ප‍්‍රදේශයන්හි ය. 
ලංකාව වටා මුහුදු තීරයේ කුල 19 කට අයත් ගණ 69 ක් යටතේ කොරල් ජීවී විශේෂ 188 ක් වාර්තා වේ. ඒ අතර අං කොරල්, මේස ආකාර කොරල්, මොල ආකාර කොරල්, ගෝලාකාර කොරල්, ස්තර කොරල් සහ පැතලි ආකාර කොරල් වශයෙන් කොරල් ආකාර බොහොමයක් දැක ගත හැකි ය. කොරල්පර ආශ‍්‍රිත ව මත්ස්‍ය විශේෂ 700 කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වේ. ඒ අතර කොරල්පර මත යැපෙන පනාවන් සහ පර ආශ‍්‍රිත ව ජීවත් වන මත්ස්‍යයන් අතර කොස්සන්, ගිරව්, ගල්ගුල්ලන්, ගිනිමහ, පේත්තයා හා රුවල්කාරයන් වැනි මත්ස්‍යයෝ වෙති. මීට අමතර ව පසැඟිල්ලන්, ඉකිරින්, ඉස්සන් වැනි අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ බොහොමයක් ම කොරල්පර ආශ‍්‍රිත ව දැක ගත හැකි ය. 
මේ සියල්ල ම අප වටා ඇති සාගරය හා බැඳුණු ජීවය යි. මේ සාගර ජීවය මත ධීවර ජනතාව ගේ ජීවය ද බැඳී පවතී. අප සාගරය රැුක ගැනීමට යොමු විය යුතුත්තේ මේ නිසා ය. 
සාගර පරිසර පද්ධතිවල පැවැත්මට ඇති තර්ජන
  • අධික ලෙස සමුද්‍රීය සම්පත් ලබා ගැනීම
පාලනයකින් තොර ව අධික ලෙස මත්ස්‍ය සම්පත ලබා ගැනීම හේතුවෙන් සාගර ජීවීන්ට තර්ජන එල්ල වෙමින් තිබේ. විශේෂයෙන් මත්ස්‍යයන් බෝ වන ප‍්‍රදේශ ආශ‍්‍රිත ව සිදු වන ධීවර මෙහෙයුම් හේතුවෙන් මේ තත්ත්වය වර්ධනය වෙමින් පවතී. එපමණක් නො ව මුහුදු කූඩැල්ලන්, ජෙලි මසුන් ඇතුළු සමහර සාගර ජීවී විශේෂ කන්ටේනර් ගණනින් අල්ලා ආහාර පිණිස අපනයනය කැරුණේ සාගරයේ මේ සතුන් සම්පූර්ණයෙන් ම අතුගා දමමිනි. ඒ සතුන් සාගරයේ තුලිත පැවැත්මට සිදු කළ කාර්යයන් සියල්ල මේ හේතුවෙන් අවසන් වී ඇත. ජෙලි මසුන් මත යැපුණු සමහර කැස්බෑවුන් ගේ පැවැත්මට ද මේ තත්ත්වය අහිතකර ලෙස බලපා ඇත. එ් හේතුවෙන් ඉදිරියේ සාගර මත්ස්‍ය විශේෂ බෝ වීමේ ප‍්‍රදේශ හඳුනාගෙන ඒවා ආරක්ෂිත ප‍්‍රදේශ බවට ප‍්‍රකාශයට පත් කිරීම මෙන් ම හදුනාගත් ජීවී විශේෂ ආරක්ෂිත තත්ත්වයට පත් කිරීම මඟින් ඒ ජීවී විශේෂයන්හි අනාගත පැවැත්ම තහවුරු කළ යුතු ය.
  • විසිතුරු මසුන් අධික ලෙස එකතු කිරීම
සාගරයේ විසිතුරු මසුන් අල්ලීම ද අද වන විට හානිකර සීමාව ද ඉක්මවා ගොස් ඇත. මේ නිසා ම කොරල්පර ආශ‍්‍රිත සමහර ජීවී විශේෂ වඳ වී ගොස් ඇත. මාතර සිට මන්නාරම දක්වා මුහුදු තීරයේ විසිතුරු මසුන් අල්ලා අපනයනය කර අද වන විට සම්පූර්ණයෙන් ම අවසන් කර ඇත. ඒ කර්මාන්තයේ නිරත බොහෝ පිරිසක් වර්තමානයේ මන්නාරම, යාපනය, ත‍්‍රිකුණාමලය මුහුදු තීරයේ සීග‍්‍රයෙන් මසුන් එකතු කරමින් සිටිති. තව ටික දිනකින් ඒ ප‍්‍රදේශයන්හි ද විසිතුරු මසුන් වඳ වී ගිය පසු වෙරළාශ‍්‍රිත සාගර පරිසර පද්ධති සියල්ල ම විනාශ වී යනු ඇත. මෙලෙස විසිතුරු මසුන් ලෙස සති දෙක තුනක කාලයක් ටැංකිවල දමා සිට අපනයනය කරන සතුන් වන්නේ කොරල් මසුන් පමණක් ම නො වේ. ඉස්සන් විශේෂ ඇතුළු සමහර අපෘෂ්ඨවංශී සතුන් ද මෙලෙස අල්ලා අපනයනය කැරේ. ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා නීති සම්පාදනය මෙන් ම නීති ක‍්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය වී තිබේ.
  • හානිකර ධීවර මෙහෙයුම් ක‍්‍රම භාවිතය
සාගර මත්ස්‍ය සම්පත අධික ලෙස ලබා ගැනීම සඳහා නයිලෝන් දැල්, පූට්ටු දැල්, මොක්සි දැල්, පර්ෂියන් දැල්, තල්ලූ දැල් වැනි අහිතකර දැල් ආම්පන්න භාවිතය සිදු කරයි. මෙහි දී වැඩුණු මසුන්ට අමතර ව කුඩා මත්ස්‍ය පැටවුන් අල්ලාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස මත්ස්‍ය ගහනය ශීඝ‍්‍රයෙන් අඩු වෙමින් පවතී. මීට අමතර ව ඩයිනමයිට් යොදා මසුන් මැරීම හේතුවෙන් ද මේ තත්ත්වය වර්ධනය වේ. තවද මා දැල් ට‍්‍රැක්ටර් මගින් ඇදීම වර්තමානය වන විට හලාවත හා කල්පිටිය ප‍්‍රදේශ වල බහුලව සිදු කෙරේ. මින් සාගරයේ මත්ස්‍ය ගහනයන්ට ඉතා හානිකර බලපෑම් ඇති කරයි. ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා නීති ක‍්‍රියාත්මක කිරීම ඉතා ම වැදගත් වේ. 
  • තෙල් ඉහිරීම
නැව් ගිලී යෑමෙන් හෝ ගොඩබිමට තෙල් පොම්ප කිරීම්වල දී සිදු වන කාන්දු වීම් හේතුවෙන් සාගරයට එක් වන තෙල්, සාගර පරිසර පද්ධතීන්ට හා වෙරළ ආශ‍්‍රිත පරිසර පද්ධතීන්ට හානි ඇති කරයි. මේවා අවසන් වශයෙන් කලපු හෝ මෝය ආශි‍්‍රත කඩොලාන පරිසර පද්ධතීන්හි සාන්ද්‍ර වීම හේතුවෙන් සාගර ජීවී විශේෂයන්ට දැඩි තර්ජන එල්ල වේ. 
  • ආක‍්‍රමණික ජීවී විශේෂ වර්ධනය වීම
ආක‍්‍රමණික ජීවී විශේෂයන්හි තර්ජන බොහෝදුරට දක්නට ලැබෙන්නේ කොරල්පර පරිසර පද්ධතීන්හි ය. ආක‍්‍රමණික ඇල්ගී විශේෂ වර්ධනය වීම කොරල්පර ආශ‍්‍රිත ව දක්නට ලැබෙන ප‍්‍රධාන තර්ජන අතුරින් එකකි. මේ තත්ත්වය කොරල්පරවලට ප‍්‍රබල තර්ජනයක් වී තිබේ. 
සාගරයේ ආක‍්‍රමණික ජීවී විශේෂ ව්‍යාප්තියට ”බැලස් ජලය” හේතුවක් වේ. බැලස් ජලය යනු භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවල, භාණ්ඩ ගොඩ බෑ පසු ව තුලිතතාව පවත්වාගෙන යෑම සඳහා නෞකාවට පොම්ප කරන මුහුදු ජලය යි. වෙනත් නෞකා අංගනයකට ගොස් භාණ්ඩ පැටවීමට ප‍්‍රථම ඒ ජලය නෞකාවෙන් සාගරයට මුදා හරී. මෙලෙස එක් සාගරයක සිටින ජීවීන් අනෙක් සාගරයට පැමිණි පසු ව කලක දී ආක‍්‍රමණික තත්ත්වයකට පත් විය හැකි ය.
  • හානිකර සංචාරක කර්මාන්තය
වෙරළ කලාපය පුරා ව්‍යාප්ත ව තිබූ සංචාරක ව්‍යාපාරය අද වන විට කොරල්පර හරහා සාගරය දක්වා ව්‍යාප්ත වී ඇත. පසුගිය කාලය තුළ කොරල්පර නැරැුඹීමේ සංචාරක ව්‍යාපාරය දියුණු වීම හේතුවෙන් හික්කඩුව ජාතික වනෝද්‍යානයේ කොරල්පරය දැඩි පරිහානියකට පත් විය. ඉන් අනතුරු ව පරෙවි ¥පත් ජාතික වනෝද්‍යානයේ කොරල්පර, සංචාරකයන් නිසා දැඩි හානියකට පත් වූ අතර අද වන විට මේ තර්ජනයට මුහුණ පා ඇත්තේ කල්පිටිය බාරීෆ් අභය භුමිය යි. සංචාරක බෝට්ටු කොරල්පරය මත ගමන් කිරීම, කොරල්පර මත නැංගුරම් දැමීම, කොරල්පර කැඞීම වැනි තර්ජන, හානි කර ලෙස සංචාරක කර්මාන්තය ව්‍යාප්ත වීම නිසා සිදු වේ. මේ නිසා නිවැරැුදි සැලැසුමකින් පසු ව සංචාරකයන් සඳහා මෙවන් වටිනා හා සංවේදී පරිසර පද්ධති නැරැුඹීම සඳහා විවෘත කළ යුතු ය. 
අද වන විට කොරල් පරවලින් ඔබ්බට මුහුදු ක්ෂීරපායීන් නැරැුඹීම දක්වා සාගර සංචාරක කර්මාන්තය දියුණු වී ඇත. එහෙත් එ් සඳහා නිසි ක‍්‍රමවේදයක් හෝ නිර්ණායක නොමැති හෙයින් මුහුදු ක්ෂීරපායීන් ගේ පැවැත්මට මේ සංචාරක ව්‍යාපාරයේ ව්‍යාප්තිය හානිකර ලෙස බලපා ඇත. මිරිස්ස, කල්පිටිය හා ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශයන්හි මේ තත්ත්වය දක්නට ලැබේ. හෝටල් හිමිකරුවන් සහ සමහර ධීවරයන් මෙහෙයවන මුහුදු ක්ෂීරපායීන් නැරැුඹීමේ සංචාරක කටයුතු අවිධිමත් ලෙස සිදු වේ. ඒ සතුන් ගේ ස්වාභාවික පැවැත්මට බලපෑම් ඇති වන ආකාරයට බෝට්ටු පැදවීම ද සිදු කැරේ. මේ තත්ත්වය පාලනය සඳහා නිසි සැලැස්මක් සකස් විය යුතු ව ඇත. 
  • එල්නිනෝ වැනි උණුසුම් දියවැල්වල බලපෑම්
ලෝක දේශගුණික විපර්යාසයන්හි ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන එල්නිනෝ වැනි උණුසුම් දියවැල්වල බලපෑම් හේතුවෙන් කොරල්පර විරංජනය වීම නැත හොත් කොරල්පර සුදු පැහැ ගැන්වී මිය යෑමේ තත්ත්වය මේ වන විට දක්නට ලැබේ. 1998 වසරේ දී ප‍්‍රථමයෙන් ම ලංකාව වටා මුහුදු තීරයේ කොරල්පරවලට මේ තර්ජනය ඇති විය. ඉන් අනතුරු ව මේ වසරේ පසුගිය මස තුළ මෙකී තත්ත්වයට නැවත වරක් කොරල්පර ගොදුරු විය. 
  • ගොඩබිමෙන් සාගරයට සිදු වන අහිතකර බලපෑම්
ගංඟා ඔස්සේ අධික කැළි කසළ ප‍්‍රමාණයක් මුහුදට එක්වීම මේ අතුරින් ප‍්‍රධාන වේ. පොලිතීන් වැනි ද්‍රව්‍ය සාගරයට එක්වීම හේතුවෙන් කැස්බෑවුන්ට තර්ජන එල්ල වී ඇත. ජෙලි මසුන් ආහාරයට ගන්නා කැස්බෑවුන් විශේෂ, මුහුදේ පාවෙන පොලිතීන් හෝ සිලි බෑග් ජෙලි මසුන් ලෙස වරදවා වටහා ගෙන ඒවා ආහාරයට ගැනීමෙන් මරණයට පත් වන අතර ගංඟා ඔස්සේ ගලාගෙන එන කැළි කසළ කොරල්පර පරිසරයන්හි රැුඳීම හේතුවෙන් කොරල්පරවල පැවැත්මට තර්ජන එල්ල වේ. 
රට තූළ සිදු වන අධික පාංශු ඛාදනය හේතුවෙන් ගංඟා ඔස්සේ ගලාගෙන එන අධික රොන් මඬ ප‍්‍රමාණය මුහුදට එක් වූ පසු ව ඒවා නොගැඹුරු මුහුදු තීරයේ කොරල් පරවල රැුඳීම හා ජලයේ පාවීම හේතුවෙන් සූර්යාලෝකය කිඳා නොබැසීමෙන් කොරල්පරවල පැවැත්මට දැඩි බලපෑම් ඇති කරයි. 
ගංඟා ඔස්සේ ගලාගෙන එන, කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන රසායනික පොහොර, රසායනික පලිබෝධ නාශක සහ කර්මාන්තශාලා අපද්‍රව්‍ය අවසානයේ සාන්ද්‍රගත වන්නේ සාගරයේ ය. එය සාගර පරිසර පද්ධතීන්හි සමස්ත ජීවී ප‍්‍රජාවට ප‍්‍රබල තර්ජනයක් වී ඇත. එබැවින් ”සාගරයේ ජීවය” ආරක්ෂා කිරීම සඳහා සැලැසුම් සකස් කිරීමේ දී ගොඩබිමින් සාගරයට සිදු වන බලපෑම් පාලනය සඳහා නිසි ක‍්‍රියාමාර්ග ගැනීම ද ඉතා ම වැදගත් වේ. 
අප රට අත්සන් තබා ඇති සාගරය හා බැදුණු අන්තර්ජාතික සම්මුතීන්1973 - නැව්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම වැලැක්වීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතිය
1976 - ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකේ මන්නාරම් බොක්ක සහ බෙංගාල බොක්ක අතර සමුද්‍රීය සීමාව සහ අදාළ කරුණු පිළිබඳ ව ඒ රටවල් දෙක අතර ඇතිකර ගත් ගිවිසුම
1983 - තෙල්වලින් සිදු වන දුෂණය නිසා උද්ගත වන අලාහ සඳහා වූ සිවිල් වගකිම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය
1983 - තෙල්වලින් සිදු වන දුෂණය නිසා උද්ගත වන අලාභ සඳහා වන්දි ගෙවිම සඳහා වූ අන්තර්ජාතික අරමුදලක් පිහිටුවීම පිළිබඳ ජගත් සම්මුතිය
1983 - තෙල්වලින් සිදුවන දුෂණය නිසා මරණ හෝ තුවාල සිදු වන අවස්ථාවන්හි දී මහ මුහුදේ දි මැදිහත්වීමට අදාළ ජගත් සම්මුතිය
1989 - ආසියාවේ සහ පැසිපික් සාගරයේ ජල ජීවී වගා මධ්‍යස්ථාන ජාලය පිළිබඳ ගිවිසුම
1994 - සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින් ගේ සම්මුතිය
1995 - 1982 දෙසැම්බර් 10 වන දින සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතින් ගේ සම්මුතියේ ඞෂ කොටස කි‍්‍රයාත්මක කිරීමට අදාළ ගිවිසුම
1996 - මාළු තොග සහ ඉතා සංක‍්‍රමික මාළු තොග සංරක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට අදාළ 1982 දෙසැම්බර් 10 වන දින මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධිවිධාන කි‍්‍රයාත්මක කිරීම සඳහා ගිවිසුම
1996 - ඉන්දියා සාගරයේ බලයන් පිළිබඳ කොමිසම පිහිටුවීම සඳහා වූ ගිවිසුම
1999 - අන්තර් මුහුදු සීමා හරහා අපද්‍රව්‍ය ගමන් කිරීම පාලනය කිරීම සහ ඒවා බැහැර කිරීම පිළිබඳ බාසල් සම්මුතිය
සාගර සම්පත් සංරක්ෂණය සඳහා ක‍්‍රියාත්මකවන රාජ්‍ය ආයතන
  • ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් ධීවර හා ජලජ සම්පත් පනත ක‍්‍රියාවට නැංවීම සිදු කරයි. එමඟින් සාගරයේ ජීවී සම්පත් හානි කර ලෙස ලබා ගැනීම පාලනය කිරීම සිදු කරයි. මීට අමතර ව තහනම් ආම්පන්න භාවිතයෙන් සිදු කරන ධීවර මෙහෙයුම් කටයුතු පාලනය කිරීම ද සිදු කරනු ලැබේ. 
  • වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ පනත අනුව මධ්‍ය වඩදිය ඉමේ සිට මීටර 300 ක් රට තුළට සහ මධ්‍ය බාදිය ඉමේ සිට කිලෝමීටර 2 ක් මුහුද දෙසට පිහිටි ප‍්‍රදේශය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. ඒ පනතට අනුව මේ කලාපය තුළ හානි කර සංවර්ධන කටයුතු පාලනය කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ.
  • සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
සමුද්‍ර දුෂණ වැලැක්වීමේ පනතේ නීති කි‍්‍රයාත්මක කිරීම මඟින් සාගර පරිසර ¥ෂණය පාලනය සඳහා ක‍්‍රියාත්මක වීම මේ ආයතනය මඟින් සිදු කරයි. 
  • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ කොරල්පරවලට හා ඒ ආශ‍්‍රිත මත්ස්‍ය විශේෂයන්ට ආරක්ෂාව ලබා දී ඇත. මීට අමතර ව කොරල්පර ආශ‍්‍රිත ජීවී විශේෂ විසිතුරු ජීවීන් ලෙස අධික ලෙස ඇල්ලීම පාලනය ද මේ පනත මඟින් සිදු කැරේ. 
ලංකාව වටා සාගරයේ පිහිටි හික්කඩුව ජාතික වනෝද්‍යානය, පරෙවි දුපත් ජාතික වනෝද්‍යානය, රූමස්සල අභය භූමිය, බාරීෆ් අභය භූමිය, මහා සෝබර් දුපත් අභය භූමිය, කුඩා සෝබර් දුපත් අභය භූමිය හා ගල්පර දුපත් අභය භූමිය වැනි ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත් කර කොරල්පර පරිසර පද්ධතීන්ට සහ මුහුදු පක්ෂීන් බිජු ලන භූමි ප‍්‍රදේශවලට ආරක්ෂාව ලබා දීම මෙකී පනත මඟින් සිදු කරනු ලැබ තිබේ. 
මේ පනත මඟින් මුහුදු ක්ෂීරපායින්, මුහුදු පක්ෂීන්, මුහුදු උරගයන් යන සියල්ලන්ට ම ආරක්ෂාව ලබා දී ඇත

No comments:

Post a Comment