Sunday, June 30, 2013

ජලය




ජලය හා එහි උපයෝගීතාව

මීට වසර බිලියන 3.5 කට පෙර පෘථිවිය මත ප්රථමයෙන්ම ජීවය බිහිවූවා යැයි සැලකෙන්නේ ජලය තුලය. ඉන්පසු ජීවීන් ක්රමයෙන් ගොඩබිමට සංක්රමණය වූවා යැයි සැලකේ. එසේම පෘථිවිය මත ජීවත් වන්නා වූ ඕනෑම ජීවියෙකුගේ බර අනුව ගත් කල 50%ත් 90%ත් අතර ප්රමාණයක් අන්තර්ගත වන්නේද ජලයයි. මින් ගම්යවන්නා වූ වැදගත්ම දෙය නම් ජලයෙන් තොර ජීවයක් පැවතීම අසීරු බවයි.
හයිඩ්රජන් පරමාණු දෙකකිනුත් ඔක්සිජන් පරමාණුවකිනුත් සැදුම් ලත් ජලය ජීවීන්ට වැදගත් වන්නේ එය සතු අති විශේෂ ගුණාංග නිසාය.
• සාමාන්යය උෂ්ණත්වයේදී ජලය ද්රවයකි - මෙනිසා හොදින් පරිවහනය වීමටත් ද්රාවකයත් ලෙස ක්රියා කිරීමටත් හැකිවේ.
• ඉතා හොඳ ද්රාවක හැකියාවක් තිබීම - ජලය තුළ බොහෝ ද්රව්ය හොදින් ද්රවනය වීම නිසා ඒවා පහසුවෙන් ජීවී දේහ තුළ එහා මෙහා පරිවහනය කල හැක. එසේම ජලජ ජීවීනට, නිමග්න ජලජ ශාක ආදියෙහි ස්වසනට අවශ්ය ඔක්සිජන් ලබාගන්නේද පසෙහි ඇති ඛනිජ හා වෙනත් පෝෂක, ශාක විසින් තම මූල පද්ධතිය උපයෝගී කොට ගෙන අවශෝශණය කරන්නේද මිනිස් දේහය තුළ ද්රව්ය පරිවහනය කරන්නේද ජලය සතු මෙම ගුණය උපයෝගී කොට ගෙනය.
• විශිෂ්ඨ තාපධාරිතාව අධික වීම - ජලය කිලෝග්රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ නැංවීමට අසාමාන්ය ලෙස ඉහල ශක්තියක් අවශ්යය. මෙනිසා අධික තාපයක් හමුවේ වුවද ජලයෙහි උෂ්ණත්ව විචලනය ස්වල්ප අගයක් ගනී. එය ජලීය මාධ්ය වල උෂ්ණත්වය නියතව තබා ගැනීමට උපකාරී වේ.
• වාශ්පීකරණයේ ගුප්ත තාපය අධික වීම - යම් පෘෂ්ඨයක් මත ඇති ද්රවයක් වාශ්ප වී එම පෘෂ්ඨයෙන් ඉවත් වීම සඳහා අවශ්ය තාප ශක්තිය ලබා ගන්නේ අදාල පෘෂ්ඨයෙනි. එනිසා අදාල පෘෂ්ඨයෙන් තාපය ඉවත් වීම නිසා එය සිසිල් වේ. මෙම ක්රියාව සමෙන් දහඩිය ඉවත් කිරීමේදී ද උත්ස්වේදනයෙන් ශාක තුල ඇති ජලය ඉවත් කිරීමේදී ද සිදු වන අතර එමගින් එම සත්ව, ශාක දේහ සිසිල් වේ.
• විලයනයේ ගුප්ත තාපය අධික වීම හා අයිස් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු අගයක් ගැනීම - ජලය අයිස් බවට පත්වීමට ඉතා අධික තාපයක් ජලයෙන් ඉවත් විය යුතුය. එනිසා සුළු උෂ්ණත්ව වෙනස් වීම් වලදී ජලය මිදීමට ලක් නොවේ. එසේම ජලාශයක ජලය අයිස් බවට පත්වීම සිදුවන්නේ ඉහල ස්ථරයේ සිට පහලටය. ඒ අයිස් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා අයිස් ජලය මත ඉපිලීම හේතුවෙනි. එසේම මතුපිට ස්ථර වලට වඩා පහල ස්ථර වල උෂ්ණත්වයද වෙනස් ය. මෙනිසා ජලජ ජීවින්ගේ ජීවිත වලට ඇතිවන බාධා යම්තාක් දුරට අඩුවේ.
මීට අමතරව සංශුද්ධ/වාතය සමඟ නොගැටුන ජලය උදාසීන PH අගයක් ගැනීම ද ජල අණු ස්වයං අයණීකරනයට ලක්වීම නිසා යම් තාක් දුරට ස්වාරක්ෂක ගුණ පෙන්වීම ද පෘෂ්ඨික ආතතියක් පැවතීම ද අවර්ණ වීම ද වැදගත් ලක්ෂණයන් ය.

සමස්ථ පෘථිවි පෘෂ්ඨයම ගත් කල ඉන් 75%ක් පමණ ජලයෙන් ආවරණය වී පවතී. නමුත් සමස්ත ජලයෙන් 97%ක් ම සාගර ජලය යි. මිරිදිය ඇත්තේ 3% කි. නමුත් ඉන් ද 2.25% ක් ධ්රැව අයිස් ලෙස පවතී. ඉතිරියෙන් ද බහුතරයක් භූගත ජලය ලෙස පවතී. එනිසා මිනිසාට ප්රයෝජනයට ගත හැකි ජලය පවතින්නේ ඉතාමත්ම අල්ප වශයෙනි. එම ජලයද නිසි කලමණාකරණයකින් තොරව භාවිතය නිසා ජලය නැවත ප්රයෝජනයට ගතනොහැකි තත්වයකට පත්විය හැක. එනිසා දුලබ සම්පතක් වන ජලය නිසි කලමණාකරණයකින් යුතුව භාවිතා කිරීමට අප සැමගේ අවධානය ලක් විය යුතුය.

world environment day පරිසර දිනය

ජගත් පරිසර දිනය සැමරීම - 2012

වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක මිහිතල දිනයමිහිතලයේ සෞන්දර්ය ඇගයිමට ලක් කිරිමට සඳහාසෑම වසරකම අපේරල් මස 22 වන දින සමරනු ලබනවාඑමෙන්ම පරිසරය හා සොබා සෞන්දර්ය,අසිරිමත් භාවය මිහිකත ජීවයේ අවශ්යතාවය පෙන්වා දෙනු ලබනවාමිහිකත දිනය තුළින් රියෝ රඥප්තියඇති කිරිමට විශාල බලපෑමක් එල්ල වුණු අතර මිහිතලය සුරැුකීම හා තිරසාර පැවැත්ම අත්යාවශ්යතාවයපෙන්වා දෙන ලදී
2012 ලෝක මිහිකත දින සැමරුම පැවැත් වුණේ පරිසර අමාත්යංශයේ හා කොළඹ එක්සත් ජාතීන්ගේතොරතුරු කේනද්රයේ රධානත්වයෙනිමෙය රාජකීය විද්යාල රවණාගාරයේ දී පැවැත් වු අතරඅනුගරාහකත්වය සඳහා බිරතාන් කවුන්සලයEDEX, Think of Green සංවිධානය දායක විය.මෙහි සියලූ සංවිධාන කටයුතු සිදු කරනු ලැබුවේ  “MIGA” “ Make It Green Again” ව්යාපෘතිසංවිධාන මණ්ඩලයයිමිහිකත දින සැමරුමට සමගාමීව  තිරසාර පැවැත්ම සඳහා ඩිජිටල් තාක්ෂණය තුළින්දැනුවත් කිරීම  නමින් වැඩමුළුවක්  පැවැත්විණිමීට අමතරව මෙවර මිහිකත දින උත්සවය තුළ  “One day One Earth” නමින් මාතෘකාමය චිතරපටයක් රටවල් 193  එළි දක්වනු ලැබුවාඑදින මෙම චිතරපටය2010 ඔක්තෝබර් 10 වන දින ලෝකයේ සෑම රටකම සිදු වු රතීමත් හා දුක්මුසු අවස්ථා මුසුකර ගතචිතරපටයකිමෙහිදී පරිසරය සුරැුකිමේ වැදගත්කමසම්පත් අධි පරිභෝජනය විදහා පෙන්වන ලදීමෙමඅවස්ථාවට පරිසර අමාත්යාංශයේ ලේකම් බී.එම්.යු.ඞීබස්නායක මහතාඅචාර්ය ආනන්ද මල්ලවතන්තතරී,සහකාර නේවාසික නියෝජිත පාරිසරික සහ බලශක්ති අංශයඑක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හාඑක්සත් ජාතීන්ගේ තොරතුරු කේන්ද්රයේ හිරන්ති ගුණවර්ධන මහත්මිය හා EDEX ආයතනයේ සභාපතිකමල් අබේසිංහ මහතා ඇතුලූ පිරිසක් සහභාගී විය.
එහිදී කරුණු දැක්වු පරිසර අමාත්යාංශයේ ලේකම් බී.එම්.යු.ඞීබස්නායක මහතා පවසා සිටියේ පරිසරසංරක්ෂණය සඳහා සමාජය දැනුවත් කිරීම සඳහා තරුණ රජාව අත්යාවශය බවත් දේශගුණික විපර්යාසඅවම කර ගැනීමට විවිධ රියාමාර්ග තරුණ රජාවට විවිධ දේ කළ හැකි බවයිඔහු වැඩි දුරටත් පැවසුවේපරිසර අමාත්යාංශය එළඹෙන රියෝ +20 මිහිකත සමුලූවට රී ලාංකීක රතිපත්ති රකාශනයක්සුදානම් කරමින් සිටින බවයි.
 
එක්සත් ජාතීන්ගේ තොරතුරු කේන්ද්රය නියෝජනය කරමින් හිරන්ති ගුණවර්ධන මහත්මිය මෙවර මිහිකතදිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කී මුන්ගේ පණිවිඩය ලබා දෙනු ලැබුවාඑම පණිවිඩයේසඳහන් වන පරිදි මෙවර පැවැත්වෙන රියෝ +20  මිහිකත සමුලූවේ දී උපරිම අවස්ථාවක් අප ලබා ගත යුතුබවත් එය මානුෂීය සංහතියට මිහිකත සුරැුකීමටත් තිරසාර පරිසරයක් ගොඩනැංවීමට හමුවන අවසන්අවස්ථාව බවත් මිට අමතරව ඇය තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට මෙරට තරුණ රජාව කරනු ලබනකටයුතු හා එම කටයුතු R10+20  ජාතික වැඩපිළිවෙල හරහා ඉදිරිපත් කිරිමට කරන උත්සහය අගය කරනබවත් EDEX ව්යාපෘතියට බිරතාන් කවුන්සලයට මෙවර මිහිකත දිනය සංවිධානය කිරීම වෙනුවෙන්ස්තූතිය පළ කර සිටියා.
 
ලෝක මිහිකත දිනයේ පැවැත් වුණ වැඩමුලූව රී ලංකාවේ තරුණ සංවිධානවල විශාල සහභාගීත්වයක්තිබුණු අතර තිරසාර සංවර්ධනයඩිජිටල් තාක්ෂණය හා නව මාධ්යය තුළින් පරිසරය දැනුවත් කිරිම පිළිබඳදේශන පැවැත් වියමෙම දේශන හේමන්ත විතානගේමායා දීයස්නෙසාන් ගුණසේකර සහ චරිත රත්වත්තේයන අය විසින් පවත්වනු ලැබුවා.
මෙම උත්සවය පවත්වනු ලැබුවේ R10+20  මිහිකත සමුලූව සඳහා ජාතික වැඩපිළිවෙළට දායකත්වයසැපයීම සඳහා වර්ෂ 2011 දී මෙම ව්යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ බිරතාන් කවුන්සලයේ දේශගුණිකවිපර්යාස අංශයේ නිලන්ක පන්තිආරච්චි earth lanka වෙබ් අඩවිය වෙනුවෙනිමෙම ව්යාපෘතිය මගින්පසුගිය එක්සත් ජාතීන්ේග දේශගුණික විපර්යාස සමුලූවේ  ීදකුණු අපරිකාවේ ඩර්බන් නගරයේ දී පිළිබඳ ගීතයක් හා සංගිත විඩියෝවක් එළි දැක්වුණු අතර මේ සඳහා පද නිර්මාණය රියානි යාපා විිසින්හා මෙහි සංගීත නිර්මාණය දුලිප් ගබඩාමුදලිගේ විසින් නිර්මාණය වියලාංකේය තරුණ රජාවනියෝජනය කරමින් මෙම ගීතය එළිදැක්වු අතර මෙය නිර්මාණය කිරිමට තරුණ තරුණයින් 50 දෙනෙක්පමණ සහභාගී වියමෙහි ඇදුම් නිර්මාණය සඳහා දුලක්ෂි ජයසේකර හා රංගන දායකත්වය දකුණු ආසියානුතරුණ සම්මානයේන් පිදුම් ලැබු අනෝකා අබේරත්න මහත්මිය දායක විය.